spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපති නියෝගයක්: සුදර්මන් රදලියගොඩ ITN තනතුරෙන් දොට්ට!

Must read

 Gotabaya-Sudarman
නව රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් 27දා ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙසයළි වැඩබාර ගත් සුදර්මන් රදලියගොඩ ඊයේ (31) දින පස්වරුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කර තිබේ.

ඒ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන් ITN සභාපති සුදත් රෝහණට ලැබුන හදිසි නියෝගයකට අනුවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ඔබ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ) වශයෙන් පත්කර ඇති සුධර්මන් රදලියගොඩ වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර,  ඉවත් කල බව තමා වෙත සහ ජනාධිපති ලේකම් වෙත කඩිනමින් දැන්වීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්, ඩබ්ලිව්.ඒ. චූලාන්නද පෙරේරා විසින් ඊයේ (31) පෙරවරුවේ දී ITN සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණ.

ඒඅනුව වහාම ක්‍රියාත්මක වූ කලා ශිල්පී සුදත් රෝහණ ඉතා සුළු මොහොතකදී සුධර්මන් රදලියගොඩ තනතුරින් ඉවත්කර ජනාධිපති කාර්යාලයට හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය වෙත එබව ලිඛිතව දැනුම් දීමට කටයුතු කර තිබේ.

Letter Sudarman

 

ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් බරපතල විවේචනයක් !

සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානි ලෙස පත්කිරීමෙන් පසු ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ඔහු පසුගිය රාජපක්ෂ පාලන සමයේ බරපතල වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබුවකු බව සිහිපත් කරමින්, එම පත්කිරීමට දැඩි ලෙස විරෝධය පළකර තිබිණ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මොහු ITN ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුර දැරූ අතර යහපාලන ආණ්ඩුව සමයේද ඒකාබද්ධ විපක්ෂයට ආධාර කරමින් සති අන්ත පුවත්පතක් ද පවත්වාගෙන ගියේය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් පිහිටුවන ලද මෛත්‍රී-මහින්ද ආණ්ඩුවේ දින 52 තුල සුදර්මන් රදලියගොඩ බලෙන් ITN  ආයතනයට ඇතුලු වී එම ආයතනය මෙහෙය විය.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article