මන්නරාමේ ඉදිකිරිමට රජය විසින් සැලසුම් කර ඇති සුළංබලාගාර ව්‍යාපෘතියට ජනතාව සිය විරෝධය දැනට කලක සිටම පළකර තිබුණි.
ජනපති කාර්යාලයේදි මන්නරාමේ ජනතා නියෝජිතයන් සාකච්ජාවක්ද පවත්වන ලදි.
තතු එසේව තිබියදි ජනතා විරෝධය නොතකා සුළං බලාගාර ස්ථාපිත කිරිම සඳහා අදාල ටර්බයින් යන්ත්‍ර ඊයේ රාත්‍රියේදි ප්‍රවාහනය කිරිම අරභා තිබුණි.
මෙයට සාමකාමි ලෙස විරෝධය පළකළ ජනතාවට පොලිසිය ම්ලේච්ඡ ලෙස ඊයේ රාත්‍රියේදි පහර දි තිබුණි.

මන්නාරමේ මොකද වෙන්නේ යැයි ප්‍රශ්ණ කරමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සඳුන් තුඩුගල සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර තිබුණි.
මොනව ද මන්නාරමේ වෙන්නේ (දන්න විදිහට, වැරදි නම් නිවැරදි කරන්න) ?
මන්නාරමේ සුලං බලාගාර හදන්න පටන් ගන්නේ 2010-15 කාලෙ. මේ වෙනකොට 30 ගානක් හදල තියෙනවා. එතකොටත් මේ ගැන යම් විරෝධයක් ආවා. නමුත් ලොකු අවබෝධයක් තිබුනේ නෑ මේවායේ බලපෑම ගැන.
නමුත් දැන් දැන් මිනිස්සුන්ට මේවායෙන් ඇතිවන බලපෑම ගැන විශාල ප්‍රශ්න ඇති වෙමින් තියෙනවා. මුහුදු මට්ටමට පහලින් තියෙන මන්නාරම දූපතේ ඉදිකරපු ටර්බයින් හා අනෙකුත් සම්බන්ධිත ඉදිකිරිම් නිසා මේ වෙනකොට දූපත ඇතුලේ එකතුවෙන වතුර මුහුදට ගලා බැසීම සීමා වෙලා. මේ නිසාම අවට ගම් වැස්ස කාලෙට මාස ගණන් ගංවතුරින් යටවෙලා තියෙනවා. ලිංවල වතුර දූෂණය වීම, ලෙඩ රෝග ව්‍යාප්ත වීම වගේ ප්‍රශ්න ගනනාවක් ඇති වෙලා. ඒත් එක්කම මේ ටර්බයින් වල හඩ හා දෙදරීම නිසා මන්නාරමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වෙච්ච ධිවර කර්මාන්තයට විශාල බාධා වෙලා කියලා මිනිස්සු කියනවා (මත්ස්‍ය සම්පත අඩුවීම වගේ). කෘෂිකර්මයට ඇති වෙච්ච බාධා, ජීවනෝපායවල ප්‍රධාන අංගයක් වෙච්ච තල් වගාවන් විනාශ වීම වගේ පැමිණිලි ගොඩයි. සංචාරක පක්ෂීන්ගේ පැමිණීමට වෙන බාධා වගේ පරිසරය පැත්තෙන් වෙන හානි ගැනත් ගොඩක් කතා වෙනවා.
මෙහෙම තියෙද්දි පහුගිය ආණ්ඩුව අදානිත් එක්ක ගිවිසුමක් ගහනවා තවත් ටර්බයින් 200 ගානක් මේ දුපතේ ඉදිකරන්න. ඒක කරානම් දූපත විනාශ වෙලාම යන්න තිබ්බා කියල මිනිස්සු කියනවා. ඒ වගේම මන්නාරම් වෙරළ තීරයේ ඛණිජ වැලි කැනීම සදහා ඔස්ට්‍රේලියන්, ඉන්දියානු සමාගම්වලට ලබා දීමේ උත්සාහයනුත් පටන් ගන්නවා.
මේ ආණ්ඩුව ආවහම අදානි සමාගම විසින් කරන්න නියමිතව තිබ්බ ව්‍යාපෘතිය අවලංගු කරනවා. හැබැයි හේලිස් එකත් සහ තවත් දේශිය සමාගමක් එක්ක කරන ටර්බයින් 14 ක් ඉදි කරන වැඩේ දිගටම යනවා
දැනට මාස කීපයකට කලින් මන්නාරමේ මිනිස්සු උද්ඝෝෂණ පටන් ගන්නේ මේ සැලසුම්වලට විරුද්ධව. සංවර්ධනයේ නාමයෙන් තමන්ගේ ජීවිත, ජීවනෝපායන්, පරිසරය විනාශ කරනවට විරුද්ධ වෙන්න ඕනේ මිනිහෙකුට අයිතියක් තියෙනවා. ඒ අයිතිය හම්බන්තොටටත්, උමාඔයටත්, රිදිමාලියද්දටත් වගේම මන්නාරමටත් අදාලයි.
මේ උද්ඝෝෂණ අතර ජනාධිපති ජනතාවගේ නියෝජිතයින්ට සාකච්ඡාවක් දෙනවා ඒ ගොල්ලන්ගේ කරුණු ඉදිරිපත් කරන්න. ඒකෙදි මිනිස්සු කියපු කාරණා අනුව දැනට ක්‍රියාත්මක සැලසුම් මාසයක කාලයකට නවත්තලා ඉදිරිපත් වෙලා තියෙන පැමිණිලි අනුව ඉස්සරහ තීන්දු ගන්න කමිටුවක් ජනාධිපති පත් කරනවා.
මේ කමිටුවේ කාලය ඉවරවෙන්න තිබ්බේ දැනට සති දෙකකට විතර කලින්. ඒ කිට්ටුව ආපහු ජනාධිපති මන්දිරේ ඉස්සරහ උද්ඝෝෂණයකට ආපු මන්නාරමේ මිනිස්සුන්ට ලබා දීපු සාකච්ඡාවක දි ජනාධිපති ලේකම් කෙනෙන් කියනවා වාර්තාව තාම ලැබිලා නෑ, වාර්තාව ලැබුනම ඒකේ නිර්දේශ මත සාකච්ඡා කරල ඉදිරි තීන්දු ගමු කියල.
මෙහෙම තත්වේ තියෙනකොට තමයි, වාර්තාවේ මොනව ද තියෙන්නේ කියල කියන්නෙවත් නැතුව, ජනතාව සමග කිසිම සාකච්ඡාවක් නැතුව මේ ටර්බයින් ඉදිකරන්න ආණ්ඩුව තීරණය කරන්නේ. එකපාරටම ඊයේ මහ රෑ මේ ටර්බයින්වලට අදාල කොටස් මන්නාරමට ගෙන එන්න උත්සාහ කරනවා.
තමන්ට වෙච්ච පොරොන්දු නොසලකා, තමන්ට කිසිම දෙයක් දැනුම් නොදී, කරන්න යන බලහත්කාරයට විරුද්ධ වෙච්ච මිනිස්සුන්ට තමයි ආණ්ඩුවේ පොලිසීය ඊයේ පහර දෙන්නේ.
මේ අතර කිතුසර කණ්ඩායම සිය විරෝධය සටහන් කරමින් මෙය නැවත වටයකින් දෙමළ ජනතාවට එරෙහි මර්ධනයක් ජන සංහාරයක් ලෙස අවධාරණය කර තිබේ.
දෙමල ජනයාට එරෙහිව
ජන සංහාරය වෙනත් වටයකින්
NPP ආණ්ඩු ආරම්බකර ඇත.
මන්නාරම් දූපත විනාශ කරමින්, ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් උදුරාගෙන සුළන් බලාගාර, ඛනිජ වැලි හෑරීමට සමාගම් වලට පවරමින්
ගෙනයන මර්දනකාරී වැඩපිලිවෙලට 26 දින එරෙහි වු ජනතාවට NPP ආණ්ඩුවෙ පොලිස් මැයින් විසින් පහර දී ඇත.
දකුනට අදාලව දූෂිතයින් හිරේ යවමින්, අත් අඩංගුවට ගනිමින් ගෙනයන වැඩපිලිවෙලට සියළු NPP පාර්ශිකයින් ඇතුළු සියළුදෙනා චූන්ය. උතුරට අදාලව ගෙනයන මර්දනය ඉදිරියේ සියල්ලෝ නිහඩය.
උතුරට අදාලව ගෙන එන මර්දනය ඉදිරියේ දෙමළ ජනතාවට ඉතිරිව ඇත්තේ විරෝදය පෑම හා අරගල කිරීමය.
මේ මොහොතේ පෙරටුගාමින් උතුරට අදාලව පෙනීසිටීම යනු NPP මෙන් බලයට එම සදහා දෙමළ ජනතාවගේ ජන්ද පදනම ලබා ගැනීමට නම් එයද අනාගතයේ දිනක මේ ආකාරයෙන්ම විනිස්චය වනු ඇත.
# අවසානයේ සටහන් කිරීමට ඇත්තේ….
දෙමළ ජනතාවට එරෙහිව
වෙනත් වටයකින්
ආරම්බකර ඇති
ජන සංහාරය
වහා නවතනු !
තම ගම්බිම් ආරක්ෂා කරගැනීමට සටන් කරන මන්නාරම් ජනතාවට
NPP ආණ්ඩුව කරනු ලබන තුච්ජ් පහර දීම හා මර්දනය දැඩිව හෙලා දකිමු.
NPP ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා වෙහෙස නොබලා දිගටම කටයුතු කළ ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා සිය ෆේස්බුක් පිටුවේ පොලිසිය පහර හෙළා දැක තිබුණි.
දැන් එහි පවතින තත්වය ගැන අප කළ විමසුමකදි මන්නාරමේ මාධ්‍යවේදින් කියා සිටියේ දැන් තත්වය සාමකාමි බවත් හෙට (28) විශේෂ සාකච්ජාවක් පැවැත්විමට නියමිත බවත් බොහෝ විට ලබන සඳුදා දිනයේ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය විමට නියමිත බවත්ය.
විඩියෝ …
https://www.facebook.com/share/v/1FjqzM2e6B/https://www.facebook.com/share/v/1FjqzM2e6B/













