spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනාධිපතිතුමෙනි – මීගමුවේ කඩොලාන භූමිය විනාශ කළ පුද්ගලයන්වත් නීතිය හමුවට ගෙන එන්න

Must read

 

පසුගිය දිනවල විල්පත්තුවේ වන විනාශය ගැන  මහත්වු උනන්දුවක් රට තුල මතුවිය.මාධ්‍ය විසින් ද ඒ ගැන ජාතික සංවාදයක් බවට පත් කරන ලදි.දැන් උමා ඔය ව්‍යාපෘතිය විසින් පරිසරයට සිදුකරන විනාශය ගැන පුලුල් සංවාදයක් රටතුල මතුව ඇත.
එමෙන්ම මුතුරාජවෙලට කුණු දැමිමට එරෙහිව දැන් ඒ අවට දේශපාලකයන් පවා මැදිහත්වන මට්ටමට පරිසර උනන්දුවක් ඇතිව තිබේ.
මෙහි වඩාත් විහිළුව වි ඇත්තේ මීගමුවේ කඩොලාන අක්කර 8 ක් කපද්දි නිහඩ සිටිමින් එයට පුර්ණ සහය පළකරන ලද එවකට මීගමුව නගරාධිපති නිමල් ලංසාද දැන් මුතුරාජවෙල පරිසරය ආරක්ෂා කිරිම සදහා එක්ව තිබිමයි.
මීගමුව තුල හෝ ජාතික වශයෙන් කිසිදු අවධානයකට යොමු නොවු මීගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කිරිමේ දැවැන්ත පාරිසරික අපරාධයක් සිදුවිය.
මීගමුව තුළ පිහිටා ඇති කඩොලාන වන සම්පත ද පාරසරික වටිනාකම් රැසක් තිබෙන ස්වභාවික වන සම්පතකි. මෙහි අක්කර 26 ක පමණ  භුමි භාගයේ පිහිටා ඇති අතර තවත් කඩොලාන වන ගහනයකින් සමන්විත  කලපු  දූපත් 13 මීගමුව කලපුව තුළ පිහිටා තිබේ.
මෙම කඩොලාන රක්ෂිතයෙන් අක්කර 08ක් පමණ ප්‍රමාණයක්  කිසිදු අවසරයකින් තොරව කපා විනාශ කරන ලදී.
මෙය සිදුවූයේ එවකට හිටපු ප්‍රා.ලේකම්වරයෙකු වන ශාන්ත කේ මුහන්දිරිම් නැමැත්තාගේද පුර්ණ සහයෝගයෙනි.
පානිය ජල ව්‍යාපෘතියකට අවැසි පර්චස් 100 ක ඉඩක් වෙනුවෙන් අක්කර 8 ක් කපා දැමිමට මුලිකත්වය ගෙන තිබුනේ ශ්‍රිලනිප නාගරික මන්තින් වන බන්දුල නාඔටුන්න සහ ඩන්ස්ටන් හෙවත් ඩන්ටි යන මන්ත්‍රින් දෙදෙනාය.
ඒ එවකය නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ උවමනාව අනුවය.  ඒ මහතා දැන් ජනාධිපතිවරයා සභාපතිධූරය දරන   ශ්‍රි.නි.පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකි.එමෙන්ම එහි ඇමතිවරයෙකි
එහෙත්  කඩොල් විනාශය කළ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනුනේ නැත.
අද ද එම කපාදැමූ කඩොලාන අක්කර 08 ට අදාළ විවිධ සංවර්ධන ව්‍යාපෘති කිරීමට දේශපාලකයන් උත්සාහ කරන අතර මෙය වනරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති සම්පතකි. එමෙන්ම ලංකාවේ පාරසරික පද්ධතියට අයිති උරුමයකි.
ජනාධිපතිතුමෙනි මෙම පරිසර විරෝධී මෙන්ම නීති විරෝධී විනාශයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවීම ඔබගේ ද වගකීමකි.

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article