spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනාධිපතිවරයාට අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතුය.

Must read


ජනාධිපතිවරයාට අපහාස වන දේ සමාජ මාධ්‍යයේ පළ කිරීම හෝ එවැනි දේ අනෙක් අය අතර බෙදා හැරියොත් එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහෙයින් මෙසේ ලියන්නට සිතිණි. ජනාධිපතිවරයා පත්වූ දා සිට මේ දක්වා මේ රටේ කිසිදු දූෂණයක්, වංචාවක්, හොරකමක් සිදු නොවුනේය. බඩු මිල එන්න එන්නම පහත වැටී වැටෙන්නට වෙන පතුලක් නැතිව පස්‍ යට සැඟවී ගියේය. මරණ දඩුවම හෝ සිර දඩුවම හෝ නියම වූ හෝ කිසිවෙක් නිදොස්කොට නිදහස් නොකෙරිණි.

රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර පමණක් යෙදීමෙන් රට සහලින් සහ අනෙකුත් භව බෝගවලින් ස්වයංපෝෂිත වී ගොවියා රජෙක් බවට පත්විය.

දේශීය නිෂ්පාදන එන්න එන්නම වැඩිවී අපනයන අහස උසට නැග විදේශ විනිම සංච්තයේ බර දරා ගන්නට බැරිව මහ බැංකු ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියන තත්ත්වයට පත්ව තිබේ.

ගෑස් ටැංකි පිපිරීම් වලට වරදකරුවන් වූ ගෑස් සමාගම්වලට උපරිම දඩුවම් ලබා දී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා නිර්දේශ සියල්ලම අකුරටම ක්‍රියාත්මක කොට වගකිවයුතු සියල්ලන්ටම උපරිම දඩුවම් ලබා දී තිබේ.

මේ සියල්ලට නායකත්වය දුන් අයෙකුට එසේ නොකළේ යැයි කීම මහා අපහාසයකි. සත්‍යය අසත්‍යය කුමක් වුවත් එසේ අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතුය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා
(සිරිල් ගාමිණි පියතුමන්ගේ ෆේස් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article