spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජර්මනියේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එල්ල වූ අමානුෂික වෙඩිතැබීම හෙළාදැකීම ගැන එම සංවිධානය ස්තූතිය පළකරයි

Must read

පසුගිය 11 වනදා ජර්මනියේ හැම්බර්ග් නගරයේ ‘යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ’ රැස්වීම් ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් හත්දෙනෙකු මිය ගිය අතර  මාස 7ක නූපන් බිළිඳකුද ඒ අතර විය. මෙම වෙඩිතැබීමෙන් පසු   තුවක්කුකරු වෙඩිතැබීමෙන් පසුව සියදිවි නසාගත් බවත් එරට ආරක්ෂක අංශ වාර්තා කරන ලදී.
මෙම අති ශෝකජනක සිදුවීම ගැන ශ්‍රී ලංකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාදේශීය මාධ්‍ය ප්‍රකාශක නලීන් වනිගසේකර මෙසේ සඳහන් කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා ජර්මනියේ හැම්බර්ග් නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එල්ල වූ අමානුෂික වෙඩිතැබීම බොහෝ අය විසින් හෙළා දැකීම ගැන අපි අවංකවම ස්තුතිවන්ත වෙමු.
එකෙනෙකා ගැන ආදරයක් සහ සැලකිල්ලක් දක්වන සමජයක් කවදා ඇතිවෙයිද?
රටවල් 240කටත් වඩා විහිදී සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙවැනි දරුණු දේවල් කවදාවත් සිදුනොවන අනාගතක් ගැන බලාපොරොත්තුවකින් සහනය ලබයි.

ඡායාරූපය උපුටාගැනීම – https://www.aljazeera.com/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article