ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර අභාවප්‍රාප්ත වේ

0
102
243331786 5147384891952826 6330272202652304967 n

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වූ ශ්‍රී ලාල් කොඩිකාර අභාවප්‍රාප්ත වෙයි.

මියයන විට ඒ මහතා 94 වන වියෙහි පසුවිය.

පුවත්පත් ගණනාවකට අකුරු කළ ශ්‍රී ලාල් කොඩිකාර මහතා මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, කනේරු මල්, මා දුටු කෝසල සිහින, දියවැලක් ඔස්සේ, ලෙයින් ලියූ කවි ලියූ කෘති අතර වේ.

ඇත්ත පුවත්පතේ විශේෂාංග කතුවරයා ලෙස කටයුතු කල ඔහු ජනතාව අතර ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ‘රංචාගොඩ ළමයා‘ ලෙසයි.

ඔහු ලියූ අතිශය ජනප්‍රිය කවියක් විය.

“එහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මං දීලා ඉලව්වේ
දෙමට පොතු කකා කට හම යන්නෝයා
හැම දෙයියනේ මගෙ වාහේ රකෝ රකෝ!”


ශ්‍රී ලාල් කොඩිකාර මහතා සිළුමිණ පුවත්පතට කළ ප්‍රකාශයක් පහතින්.

ඔබ මරණින් මතු ජීවිතයක් ගැන බලාපොරොත්තු වෙනවාද?

අපොයි නැහැ! මම කවදාවත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හැම විටම අනුන්ගේ අදහස්වලට ගරු කරනවා. මරණය කොයි මොහොතේද කියන්න බැහැ නේ. මම මැරුණාම මොනවද කරන්න ඕනෑ කියලා මම කාටවත් උපදෙස් දීලා නැහැ. ඔවුන් ඔවුන්ට කැමැති දේ කරාවි. මට ස්වාධීනව ජීවත් වීම පමණයි අවශ්‍ය.


(උපුටා ගැනීම් – දෙරණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here