spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුසිල්, මැතිණිගේ ගුණවයමින් රාජපක්ෂලාට දෙහි කපයි !

Must read

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ගනු ලැබූ එඩිතර තීන්දු පිළිබඳව සඳහන් කරමින්,

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා පසුගිදා පාර්ලිමේන්තුවේදී වර්තමාන රාජපක්ෂ පාලනයට සියුම්ව ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

 සිරිමාවෝ මැතිණිය 1961 වසරේදී ඇමෙරිකාවේ බලපෑම් නොසලකා හරිමින් ෂෙල්, කැල්ටෙක්ස්, ලෙසෝ කියන සමාගම් තුනම ජනසතු කර තෙල් සංස්ථාව හැදිමට එඩිතර තීන්දුවක් ගනු ලැබුවත් දැන් ඉන්න පාලකයින් එම සම්පත් විකුණා දමමින් සිටින බවත් සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

”සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1961 දී ෂෙල්, කැල්ටෙක්ස්, ලෙසෝ කියන සමාගම් තුනම ජනසතු කරලා තෙල් සංස්ථාව හැදුවා. ඇමෙරිකාව තහංචි දැම්මා. ශිෂ්‍යත්වයට ගියපු අය මගදි එව්වා. හැබැයි මැතිණි මොකද එදා කළේ, අරාබිකරය සම්බන්ධකරගෙන, සෝවියට් යූනියන් එක සම්බන්ධ කරගෙන තෙල් නැති වුණොත් දෙන්න ඒ අය එකඟ කර ගත්තා. අන්න ගත්ත එඩිතර තීන්දු. කච්ඡතිව් දූපත ගත්තා. දැන් අපේ තියෙන ඒවා විකුණනවයි කියනවා නේ. පහුගිය කාලෙත් විකුණුවා. දැනුත් එහෙමයි කියලා මේ සභාවේ කියනවා.

එදා හිටපු නායකයෝ රටට වත්කම් එකතු කළා. මේකයි වෙන්න ඕන. දැන් මේකට දොස් කිය කිය ඉදලා වැඩක් නෑ. බලයේ ඉන්න අයට දොස් කියනවා බලය ගන්න ඉන්න අය. බලය ගන්න ඉන්න අය ඉතිහාසේ කරපු ඒවාට බලයේ ඉන්න අය දොස් කියනවා. මේකෙන් සමාන්‍ය ජනතාවට කිසිම වැඩක් නෑ. මහජන නියෝජිතයෝ හැටියට අපි කියන්න ඕන අද මේ රටේ සාමාන්‍ය ජනතාව ඉන්නේ ඉතාම අමාරු අඩියක. ගමේ පොළකට ගියොත් අපි දන්නවා එළවළු මිල.” 
theleader.lk

https://www.facebook.com/watch/?v=999597163931610&t=4


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article