spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල කැරකී, ආණ්ඩුවට පිස්සු වැටිලා’ – කුමාර වෙල්ගම

Must read

අද වත්මන් ආණ්ඩුවට පිස්සු හැදී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල කැරකී ඒමට පටන් ගැනීම නිසා

බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

නීතියෙන් ගැලවුණද දෙවියන් වහන්සේගෙන් හා විශ්වයෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු එබව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී තමන් ඊට විරුද්ධ වූ බව මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය. ගෝටාභය රාජපක්ෂ ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර පරිපාලන අත්දැකීම් නැති අයකු නිසා ඔහුට රටක් පාලනය කිරීමට හැකියාවක් නොමැති බව තමා ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂට පැවසූ බවත් ඔහු සිහිපත් කළේය.

හමුදාවේ යම් කොටසක් විතරක් පාලනය කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බවත් ඔහු ඇමරිකාවේ පරිගණක ක්‍රියාකාරුවෙකු ලෙස පමණක් කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් සඳහන් කළේය.
theleader.lk


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article