spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරු ගුවන්තොටේ දී කොටුවේ

Must read

කෝටි හයක්  පමන වටිනා හෙරොයින්  කිලෝ පහක් සමග පක්ස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
අඩංගුවට ගෙන ඇත්තේ  පකිස්ථානයේ සිට දොහා කටර්වලට ගොස් දොහා කටර්වල සිට කටාර් ගුවන් සමාගමකට අයත් පෙරේදා (25 )අළුයම 2.30 කටාර් ගුවන් සමාගමකට අයත්  ගුවන්යානයකින් කටාර් සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයකු වන රවුමඩි කාන්  නමැති 44 පුද්ගලයෙකුවේ.
ගුවන්තොටුපොලේ රේගු පරික්ෂණ කටයුතු නිම කොට මගී පැමිණිෙමේ  පර්යන්තයට පැමිණමින් සිටිය දී ගුවන්තොටුපොල පොලිස් මත් ද්‍රව්‍ය නාසක ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පකිස්ථාන ජාතිකයාගේ ගමන් මල්ල පරික්ෂාවට ලක් කිරීමේ දී  එහි තුළ සුක්ෂම ලෙස සගවා තිබියදීී  මෙම හෙරොයින් මත් කුඩු සොයා ගෙන  ඇති අතර මෙම සැක කරු මෙයිට පෙර කීප වතාවක්ම ලංකාවට හෙරයින් මත් කුඩු රැගෙන ආ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර මත් කුඩු ජාවරම් කරුවෙක් බවට පොලිසිය කරන ලද පරික්ෂණ වලදී හෙලීවි ඇති බව පොලිසිය පැවසීය.
සැකකරු මිගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැදවුම් නියොගය මත ලබන ජුලි 1 දින දක්වා රදවාගෙන පරික්ෂණ මෙහෙයවිට මිගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා නියොග කලේය
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එචි ඩි ජි කරුණාරත්න මහතාගේ මෙහෙයවිමෙන් පො ප එචි එස් පෙරේරා පො කො වරුන් වන 32370 අනිල් 67254 සුමිත් 66516 රංග 16412 දම්මික යන නිළධාරි මහත් වරු මෙම වැටලීම මෙහෙයවා ඇත.
ප්‍රියපේම මානික්කරත්න
ඡායාරූප-ප්‍රියපේම මාණික්කරත්න5
සැක කරු අධිකරනයට රැගෙන යන අයුරු හා අධිකරණයෙන් පිටතට එන අයුරු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article