ජාතික කතෝලික ලේඛක සංවිධානය විසින් මෙහෙයවන ලද ජාතික කතෝලික ලේඛක ස්වර්ණමය සම්මාන ප්‍රදානය 2025 බදුල්ල රදගුරු අති උතුම් ආචාර්ය ජූඩ් නිශාන්ත සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සෙඩෙක් නව ශ්‍රවනාගාරයේදී 2025 සැප්තැම්‍බර් මස 27 වැනි දින උත්සවාකාරවෙන් පවත්වනු ලැබීය.
පිළිගැනීමේ උත්සවය ජාතික කතෝලික ලේඛක සංගමයේ ගරු ලේකම් ආචාර්ය සචිත මෙන්ඩිස් මහතා විසින් සිදු කළ අතර හැඳින්වීම ජ්‍යෙෂ්ඨ නීතිඥ NCWA සභාපති ගොඩ්ප්‍රී කුරේ මහතා විසින් සිදු කරන ලදී.
විවිධ දක්ෂතා සහ කුසලතා ඇති දුවා- දරුවන් 625 වැඩි පිරිසක් මෙම තරග සදහා සහභාගිවූ අතර ඉන් 60 දෙනෙකු චිත්‍ර තරග සහ රචනා තරග සදහා රන් සම්‍මාන, රිදී සම්‍මාන සහ ලෝකඩ සම්‍මාන සහ සහතික පත් ලබාගති.
ශ්‍රී ලංකාවේ විවිධ දක්ෂතා ඇති සිනමාවෙන් සංගීතෙන් හා චිත්‍ර කලාවෙන් ද මුද්‍රිත මාධ්‍යයෙන් ද සමාජ සේවයෙන්ද, නාට්‍ය යෙන්ද, ජනමාධ්‍යයෙන්ද ජන සමාජයට සුවිසල් සේවයක් කළ විශේෂිත දක්ෂතා ඇති 15 දෙනෙකුට මෙම රන්මය සම්මානය 2025 වර්ෂය සඳහා ප්‍රධානය කරන ලදී.
නවෝත්පාදනය සහ ලෝක නායක ව්‍යාපාරය සඳහා විශිෂ්ට සේවාවක් සහ දායකත්වයක් ලබා දුන් ජීවිත කාලයටම වරක් ලැබෙන කීර්තිමත් ස්වර්ණ සම්මානයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.



රේමන් අපෝන්සු












