spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික නත්තල් උත්සවය මහවීදිය පල්ලියට ගැනිමෙන් ඇතිවන ගැටළු ගැන මත පළවේ ?

Must read

st-mary-s-church-grandජාතික නත්තල් උත්සවය මෙවර මීගමුව මහවිදිය දේවස්ථානයේදි පැවැත්විමට තින්දු කර ඇතැයි වාර්ථාවේ.
මෙහි සංවිධාන කටයුතු පිළිබදව සාකච්ජාවක් පසුගිය දිනක මීගමුවේදි පැවැත්වු බවද වාර්ථා වන අතර එහිදි මීගමුව ජනතා ක්‍රියාකාරින්ගේ අදහස් විමසිමක් සිදුකර නැතැයිද සැලය.
ඉල්ලා ඇත්තේ හැකි තරම් සෙනග රැගෙන එන ලෙස පමණි.
මීගමුවට නත්තල් යනු දැවැන්ත උත්සවයකි.අතිවිශාල ජනකායක් මීගමුව නගර කරා ඇදි ඒමට නියමිතය.
මේ පසුබිම යටතේ ජනාධිපතිවරයා පැමිණෙන උත්සවයක් නත්තල ආසන්නයේ මහවිදිය වැනි ස්ථානයක යොදාගැනිම හේතුකොට මතුවිය හැකි ගැටළු රැසක් ගැන එහි ප්‍රයෝගිකත්වය ගැන දන්නා බොහෝ දෙනා දැනටමත් අදහස් ඉදිරිපත් කරන්නටය පටන් ගෙන තිබේ.
ජනාධිපතිවරයා පැමිණෙන නිසාම අනිවාර්යෙන්ම ආරක්ෂාව තර කෙරෙනු ඇත.පැය 2 උත්සවයක් සදහා වුවත් දවසක් පුරාවට ආරක්ෂක විධිවිදාන තර කෙරෙනු ඇත.
මෙහිදි මතුවිය හැකි බරපතලම කරුණ වන්නේ රථවාහන නැවැත්විම පිළිබදව ගැටළුවයි.
මහවිදිය අවට  රථ ගාල් කිරිම සදහා කිසිදු ඉඩ කඩ ඇති තැනක් නැත.
මේ සියළු කරුණු සලකා බැලිමේදි ජාතික නත්තල් උත්සවය මීගමුවට ගෙනඒමේදි මහවිදිය පල්ලියට වඩා ගැලපෙන තැනක් තිබුනේම නැද්ද යන ප්‍රශ්ණය දැනටමත් නැගෙන්නට පටන් ගෙන තිබේ.
කිංග්ස්ලි ප්‍රනාන්දු
මහවිදිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article