spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික පාසලක ලුර්දු ගුහාව හැදීමට පළමු වසරේ සිසුන්ගෙන් ආධාර ඉල්ලයි?

Must read

school-studentsපාසල් 2018 වසරේ  පළමු වසරට ළමුන්  ඇතුළත්කරැනීමේ  ක්‍රියාවලියේදී    චකලේඛනය ප්‍රකාරව මුදල්   අය කිරීමට පාසල් පරිපාලනයට අවසර නැත. නමුත් ළමුන් ඇතුළත් කරගැනීමට පෙරත් ඇතුළත්  කරගැනීමෙන් පසුත් පහසුකම් ගාස්තු  වලට  අමතරව  පාසලේ සංවර්ධනය  සඳහාත් මුදල් අය කරනුලබයි.  ⁣නව වසරේ පාසල්  වාරයට පළමු වසරේ  ළමුන් දැන් ඇතුළත්වී තිබේ. ⁣වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල විසින් මේ වන විට පළමු වසරට ඇතළත් වූ   සිසුවෙකුගෙන්  පහසුකම් ගාස්තුවට අමතරව රුපියල් 5000ක්  පාසලේ නව ගොඩනැගිල්ලක් සඳහා   ලබාගෙන ඇති අතර   තවත් සිසුන්ගෙන් පාසලේ ලූර්දු ගුහාව සෑදීම සඳහා තවත් මුදල් අාධාර ඉල්ලා ඇති බව වාර්තා ව්. එමෙන්ම ඩෙස් ,බංකු සඳහාද මුදල් අවශ්‍ය බව  පාසල් පරිපාලනයෙන් දැනුම් දී ඇතිබව වාර්තා වේ.  මේ  සම්බන්ධයෙන්  අප කළ විමසීමකට පිළිතුරු දුන් ලංකා ගුරු සංගමයේ ⁣ලේකම් ජෝශප්  ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ චක්‍රලේඛනයට අනුව පහසුකම් ගාස්තු වලට අමතරව ළමුන් ඇතුළත් කරගැනීමෙදී මුදල් අයකරගැනිම  නීති ව්රෝධි වන අතර එවැනි ක්‍රියාවක් සිදුවේ නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවයි. නමුත් බොහෝ අවස්ථා වලදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන්ද මෙවැනි දුෂිත ක්‍රියාවන් වලට අනුගත වී ඇති බැවින්  යහපාලන රජය තුළ ද ⁣තවමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දුෂණ පෙර පරිදිව සිදුවන බව ඔහු තවදුරටත් පැවසීය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article