ජාතික සමාජ සංවර්ධන ආයතනය මෙරට විශ්ව විද්‍යාලයකට අනුබද්ධ කරනු!

0
1000

 

කටුනායක, ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි ” ජාතික සමාජ සංවර්ධන ආයතනය” ( National Institute of Social Development – NISD ) මෙරට විශ්ව විද්‍යාලයකට අනුබද්ධ කරමින් එය මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට එක්කරන ලෙස ඉල්ලා අද දින (10/11/2025) දහවල් එම ආයතනය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදී.

IMG 20251110 WA0037 IMG 20251110 WA0046 IMG 20251110 WA0035 IMG 20251110 WA0034 IMG 20251110 WA0025 IMG 20251110 WA0042
මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ, එම ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සැදුම්ලත් මහා ශිෂ්‍ය සංගමය සහ එහි අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් විසිනි.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ මෙම ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම, එහි අනධ්‍යන සේවක සේවිකාවන් වර්තමාන ජන බලවේග රජයෙන් ඉල්ලා සිටින්නේ මේ වන විට මෙම ආයතනය විශ්වවිද්‍යාලයකට අනුගත කිරීම සඳහා රජය විසින් නිකුත් කළ ලිඛිත කැබිනට් අනුමැතියක් පවා ලබා දී තිබියදී මෙම ආයතනය මෙරට විශ්ව විද්‍යාලයකට අනුගත නොකර සිටීම ගැටලුකාරී තත්ත්වයක් බවයි. එලෙසම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ රජයේ තීන්දු තීරණ වලට පවා ඉහලින් යමින් මෙම ආයතනයේ සමහර ඉහළ වගකීම් දරන බලධාරීන් සහ නිලධාරීන් විසින් මෙම ආයතනය මෙරට විශ්ව විද්‍යාලයක් හා අනුගත කිරීම , මේ වන විට සම්පූර්ණයෙන්ම වළක්වා ඇති බවයි. ඒ අනුව අද දින පැවැත්වු මෙම උද්ඝෝෂණයට සහභාගි වූ මෙම ආයතනයේ ඉගෙනූම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ එහි අනධ්‍යයන අංශයේ නිලධාරින් සහ නිලධාරිනියන් වර්තමාන රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ආයතනයේ ඉහළ බලධාරීන් විසින් වළක්වා ගෙන ඇති එම තීන්දුව එනම් මෙම ආයතනය විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීමේ එම ක්‍රියාවලිය කඩිනම් කර ඉතා ඉක්මනින්ම එය සාක්ෂාත් කර දෙන ලෙස ලෙසයි.

එලෙසම මෙම උද්ඝෝෂණයට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රකාශ කරන්නේ තමන් මෙම ආයතනය තුළ ඉගෙනුම ලබා අවසානයේ තමන්ට ලබා දෙන සහතිකයේ වටිනාකම මෙන්ම මෙම පාඨමාලාවේ ඇති වටිනාකමට විශ්වවිද්‍යාලයක් සමග අනුගත වීමේදී වඩාත් වැඩි වටිනාකමක් ලැබෙන බවයි. මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමන් මෙන්ම අග්‍රාමාත්‍යතුමියද ඉතා හොඳින් දැනුවත් බවත්, වර්තමාන අමාත්‍ය මණ්ඩලය පවා, මේ සම්බන්ධයෙන් හොඳ හැටි කරුණු අවබෝධ කරගෙන ඇති බවත්, ඒ අනුව රජයේ බහුතරයකගේ සහාය සහ කැමැත්ත මේ සඳහා ලැබී තිබියදී තම පෞද්ගලික පටු පරමාර්ථ වෙනුවෙන් මෙම ආයතනයේ ඉහළ පුටුවල නිලතල දරන බලධරයන් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික අදහස් නිසා මෙය තවමත් ක්‍රියාත්මක නොවී පවතින බවද මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහසයි.

IMG 20251110 WA0019 IMG 20251110 WA0045 IMG 20251110 WA0053 IMG 20251110 WA0022 IMG 20251110 WA0023
එලෙසම මෙම උද්ඝෝෂණයට සහභාගි වූ එම අනධ්‍යන අංශයේ කාර්ය මණ්ඩලය බොහෝ දෙනෙකුද ප්‍රකාශ කරන්නේ මෙම ආයතනයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ ඉල්ලීම සාධාරණ බවත්, දැනට කලක් තිස්සේම මෙම සිසු දරුවන් විවිධ ආණ්ඩුවලින් මෙම ඉල්ලීම කර ඇති පසුබිමක, එම ඉල්ලීම සාක්ෂාත් කර ගැනීම පිණිස කැබිනට් මණ්ඩලය පවා තීන්දු තීරණ ලබාදී ඇති අවස්ථාවක එය නොලැබී යාම, ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවයි.

එනිසා ඔවුන් ද අවධාරණය කරන්නේ, මෙය මෙම ආයතනයේ ඉහල බලධරයන්ගේ පෞද්ගලික අදහස් සහ පටු පරමාර්ථ මුදුන්පත් කරගැනීම වෙනුවෙන් සිදු නොවන පසුබිමක , මෙය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ලෙස තමන්ද මෙම සිසු දරුවන් සමග මෙලෙස උද්ඝෝෂණයේ යෙදෙන බවත්, මෙම කර්තව්‍ය ජයගන්නා තුරුම තමන් ද මෙම දරුවන් සමග සටන් කරන බවද ඔවුන් මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කටුනායක ලියනගේමුල්ල, ප්‍රදේශයේ අද දහවලදී පැවති මෙම උද්ඝෝෂණය සඳහා, එම ආයතනයේ ඉගෙනුම සියලු සිසු දරු දැරියන් සමග එම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක්ද මෙම උද්ඝෝෂණය සඳහා සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here