ජීවිතය උදෙසා රැල්ල සමඟ පොරබදන තෙප්පම් ධීවරයාගේ කඳුළු කතාව…

0
481
IMG 20211107 WA0017
 පසුගිය සිකුරාදා ( ඔක්. 1 )  මුහුදු  ගිය ධීවරයින් හදිසියේ හටගත් කුණාටුවකට මුහුණ දීම නිසා තම ජීවිතද බේරාගෙන ඇත්තේ ඉතා අපහසුවෙන් බව ආරංචි විය. මෙහිදී වඩාත් බරපතල  හානිය සිදුව ඇත්තේ තෙප්පම් ධීවරයින්ට බව පෙනෙන්නට තිබිණ . ඒ නිසා මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ තෙප්පම් ධීවරයින් හමුවූ  අප මේ පිළිබඳව ඔවුන් ගෙන් කරුණු විමසා සිටියෙමු. හදිසියේ ඇතිවූ මෙම කුණාටුව නිසා තමන් පත්ව සිටි අසරණ තත්ත්වය ඔවුන් පැහැදිළි කළේ මෙසේය .
IMG 20211107 WA0011

ධීවර නායකයෙකු වූ මෙරිල් මහතා තමන් මුහුණ දුන් තත්වය ගැන කිව්වෙ මෙහෙමයි.
“රස්සාවට ගිහිල්ල එදා මගෙ දැල් ඔක්කොම කුණාටුවට අහුවුනා. මං යනකොට කුණාටුවක් තිබුනෙ නෑ. පොඩ්ඩක් එහාට යනකොට මං දැනගත්ත කුණාටුව එනබව. ඊට පස්සෙ මම ගොඩදිගේ දැල එලාගෙන ආව. එතකොට මාරිය වැටෙන්න ගත්ත. ඒ වෙලාවෙ මම දැල් කුට්ටම ඔහොමම පෙරලල ඇරිය. නැත්නම් මට තෙප්පමත් නැතුව යනව. මම ගොඩට ආව. දැල් කුට්ටම ගිහිල්ල ගල ගාව නතර වෙල තිබුණෙ.
එම දැල් පසුව බෝට්ටු ධීවරයින් ගිහිල්ල කෑලි කපල අරගත්තත් ඒවයින් වැඩක් ගන්න බැරිබව තමයි මෙරිල් මහතා කිව්වෙ.
තරුණ තෙප්පම් ධීවරයෙකු වන ලක්මාල් මහතා කිව්වෙ මෙහෙම කතාවක්.

IMG 20211107 WA0013
IMG 20211108 064652


” තෙප්පම් ධීවරය ගොඩක් අසරණ වෙල ඉන්නෙ .
ගිය සිකුරාදා අපි රස්සාවට යනකොට කුණාටුවක් තිබුණේ නෑ. රස්සාවට ගියහම තමයි කුණාටුවට අහුවුනේ . සමහර අය දැල් මුහුදට ඇරල තමයි ආවෙ. අපි තෙප්පම් දෙකක් මුහුදෙ ඉඳගෙන දැල් අරගෙන ආව. අපි ඒ දැල් උස්සගෙන එනකොට සමහරු දැල් අතහැරල ආව. ඉතින් මේ ගැන ආණ්ඩුව බලන්නෙත් නෑ. ධීවර කාර්‍යාලෙ බලන්නෙත් නෑ. මන්ත්‍රී ගොල්ලො බලන්නෙත් නෑ.
මේ අයට පසුව කතාකළ සෙල්වම් , රොෂාන් යන තෙප්පම් ධීවරයින් පළකළේද ඊට සමාන අදහසකි.
තෙප්පම යනු ධීවර රස්සාවේ ආරම්භක යාත්‍රාව බව සඳහන් වේ. මුල් කාලීනව තෙප්පම් ධීවරයා කිසිවෙකුට අතනොපා ජීවිතය ගොඩනගා⁣ ගනිමින් නිදහසේ තම රස්සාවකළ බව පැරැන්නෝ සඳහන් කරයි. නමුත් අද ඔවුන් පිළිබඳව වගකිවවුතු කිසිවෙකුගේ අවධානයක් දක්නට නැත .
ඔවුන් රස්සාව කරන්නේ සය මසකි. එකී මාස හය තුළ අවුරුද්දක ආදායමක් සෙවිය යුතුය .එමෙන්ම ඔවුන් ට රස්සාව කළ හැක්කේ කිලෝ මීටරයක් පමණ දුරක පමණි . එයටද විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදුවනු මතුවී ඇති විවිධ ප්‍රශ්ණ නිසා ඔවුන් කබලෙන් ලිපට වැටුනු තත්ත්වයකට පත්ව ඇත .පසුගිය කාලය තුළ
කොටුදැල් ප්‍රශ්ණය , ගොඩ මුහුදට අප ද්‍රව්‍ය දැමීම නිසා දැල් ඉරී යාම ආදී ප්‍රශ්ණ ගනනාවකට ඔවුන් මැදිවිය.
පසුගිය සිකුරාදා කුණාටුවද තෙප්පම් ධීවරයා අසරණ කළ තවත් එක් අවස්ථාවක් විය. එබැවින් අප අවධාරණය කරන්නේ මෙම ධීවර ජනයා රැකගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් වගකිවයුතු අය විසින් වහාම සැකසිය යුතු බවය.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here