ඩිජිටල්කරණය වූ නව ආර්ථිකයක් ගොඩනගන්නට, මාරිස්ටෙල්ලා  ආදි සිසුන්ගෙන් , සංවාද කතිකාවක්. 

0
1115

ධම්මික ප්‍රනාන්දු මහ
ධම්මික ප්‍රනාන්දු මහතා 

මෙරට ප්‍රකට කතෝලික පාසලක් වන මීගමුව, මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය , මේ වසරේ පවත්වන “මාරිස් පැනොරාමා-2025” (Marris Panorama -2025) වැඩසටහන  පසුගිය 06  වැනි දින (06/06/2025) සවස මීගමුව, ග්‍රැන්ඩිසා හෝටලයේ දී පැවැත්විණි . ඒ අනුව වත්මන් ජනබලවේග ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇති සහ මේ වන විට ක්‍රියාත්මක කිරීමට මුල පුරා ඇති රජයේ “ඩිජිටල්කරණ” වැඩසටහන පිළිබඳව, වඩාත් පුළුල් සහ සංවාදශීලී කතිකාවක් මෙවර “මාරිස් පැනොරාමා 2025 ”  වැඩසටහන තුළින් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සඳහා වන  ප්‍රමුඛ උපාය මාර්ගයන් ඉස්මතු කිරීම, හඳුනා ගැනීම  සහ ඒ පිළිබඳව වඩාත් හොඳින් දැනුවත් කිරීම මෙම කතිකාමය වැඩසටහන තුළින්  සිදුවිය.
  මෙම සුවිශේෂී  වැඩසටහනේ අරමුණ පැහැදිලි කරමින් එහි ප්‍රථම දේශනය සිදු කළේ මාරිස් පැනොරාමා –  2025  වැඩසටහනේ නිර්මාතෘවරයා වන , මාරිස්ටෙල්ලා ආදි ශිෂ්‍ය සංගමයේ වර්තමාන සභාපති ධම්මික ප්‍රනාන්දු මහතායි.
ඉන් අනතුරුව මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය සහ ඉදිරිපත් කිරීම( power point presentation) සිදු කළේ මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා  ලෙස සහභාගි වූ වර්තමානයේ මෙරට තුළ ක්‍රියාත්මක ඩිජිටල්කරණ වැඩසටහන පිළිබඳව ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකවරයා ලෙස කටයුතු කරන සහ මෙරට ප්‍රකට ජංගම දුරකථන සේවා ආයතනයක් වන ” ඩයලොග් ” ආයතනයේ ආරම්භක පුරෝගාමියා වූ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා විසිනි.

ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා

ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ දේශනයේ අවසනයත්  සමඟ මෙම වැඩසටහනේ අවසන් අංගය ලෙස සාකච්ඡාමය  වැඩසටහනක් පැවැත්විණි. ඒ සඳහා, ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සමඟ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රකට ආර්ථික කටයුතු පිළිබඳ දේශකයකු හා ආර්ථික විශ්ලේෂකයකු ලෙස කටයුතු කරන ” ලර්න් ඒෂියා ” ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතාද, මෙරට ඩිජිටල්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්  වර්ණ ශ්‍රී ධනපාල මහතා ද , ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ උප සභාපති හා ඔමේගා ලයින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ෆීලික්ස් ප්‍රනාන්දු මහතාද,  එලෙසම හැටන් නැෂනල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජය විජේමාන්න මහතා මෙන්ම මරිස්ටෙල්ලා ආදි ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති සහ ආයෝජන ප්‍රවර්ධන කලාප නිෂ්පාදකයන්ගේ  සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා ද සහභාගි වූහ. මෙම සාකච්ඡා වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ” ඩේලි ෆිට් ” පුවත්පතේ කතෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි නිස්තාර් කාසිම් මහතා විසිනි.

සුදත් ප්‍රනාන්දු

මාරිස් පැනොරාමා 2025 වැඩසටහන සම්බන්ධීකරණය කර තිබුණේ එම ව්‍යාපෘතිය භාර සභාපතිවරයා ලෙස කටයුතු කරන මාරිස්ටෙල්ලා ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයෙකු වන සුදත් ප්‍රනාන්දු මහතා විසිනි. තවද මේ සඳහා එම විද්‍යාලයේ ආදී සංගමයේ සමාජිකයින් සහ මීගමුව ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන්  පිරිසක් ද සහභාගි වූහ.

සටහන සහ ඡායාරූප
තුෂාර රොහාන් ප්‍රනාන්දු
www.meepura.com )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here