සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන සරත් මද්දුමගේ මහතාගේ චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනයක් හා ඊට සමගාමීව සාධු ජනරාව ගීත ප්‍රසංගය පසුගිය 31 වනදා පානදුරේ ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සරත් මද්දුමගේ දශක කීපයක් ලංකාවේ දුම්රිය කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරිවූ අතර , මේ වනවිට ස්විස්ටර්ලන්තයේ පුරවැසියෙකි. ඔහු සිය ලමා කාලය ගතකළ ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන් ද වැඩසටහන් කීපයක් ඔහු විසින් සංවිධානය කරන ලදී. ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය ඔක්තෝබර් 31 වනදා සිට නොවැ 02 වනදා දක්වා පැවැත්විණි.
















