spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජේෂ්ඨ මාධ්‍යවේදි අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ මැණියන් අභාවප්‍රාප්තවෙයි.

Must read

රොයිටර් පුවත් සේවයේ හිටපු ඡායාරූප ශිල්පියකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි ගේ

මෑණියන් වූ ආරියවතී පියසීලී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඇය 84 වියෙහි පසුවූවාය.

ඇගේ දේහය පිලිබද අවසන් කටයුතු ජනවාරි 4 වන දින රාගම, බටුවත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

සිය මෑණියන්ගේ වියෝව සම්බන්ධයෙන් අනුරුද්ධ ලොකුහපුආරච්චි සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් පළකර ඇත.

සුභ ගමන් අම්මා !

මගේ මව ආරියවතී පියසීලී මිය ගිය බව මගේ වැඩිමල් සොහොයුරිය විසින් දැනුම් දුන්නාය. ඇගේ දේහය ජනවාරි 4 වන දින රාගම, බටුවත්ත සුසාන භූමියේදී ආදාහණය කරනු ඇත. මිය යන විට ඇයගේ වයස 84 කි.

වසර දහසයක් පුරා අප මුන ගැසී නොතිබූ අතර ඇය රාගම තේවත්ත පාරේ අපගේ පවුලේ නිවසේ මගේ වැඩිමහල් සොහොයුරිය සහ බාල සොහොයුරිය සමග ජීවත් වූ අතර මීට මාස දෙකකට පමණ පෙර ආහාර ගැනීම දුර්වල වීම නිසා වෛද්‍ය පරීක්ෂණකට ලක් කල පසු ඇය පිළිකා රෝගයෙන් පෙලෙන බවත් එය අක්මාව සහ පෙනහළු දක්වා පැතිර ඇති බවත් හෙළිදරව් විය.

මගේ සොහොයුරියන් සහ ඔවුන්ගේ දියණියන් ඇයට ඇප උපස්ථාන කල අතර ඉතා වේගයෙන් ඇගේ ශක්තිය වියැකෙමින් තිබුනි.

මෙයට සතියකට පමණ පෙර ඇය සමග කතා කරන විට ඇය කිසිම ආහාරයක් හෝ බීමක් ගත නොහැකිව සිටියාය.

මම ඇයව බලන්න එනතුරු කිරි බීල ඉන්නයි වට්ස් ඇප් වීඩියෝවෙන් කියූ විට ඇය කිරි වීදුරුව බොන්නට පටන් ගත්තේය. ඇගේ මතකය එතනින් නැවතී ඇති අතර මා එනතුරු බලා සිටින්නට පටන් ගෙන ඇත. ⁣

දෙසැම්බර් 30 වන දින මා ඇයට කතා කල විට ඇය කැමරාව හරහා මා දෙස බලා සිටි අතර ඇයගෙ ඇසින් කඳුලක් ගලා ගියේය. ඒ අතර “අම්මෙ, පොඩි මල්ලිට එන්න විදිහක් නැහැලු…” මගේ වැඩිමහල් සොහොයුරිය කීවාය. එතෙක් කැමරාව දෙස බලා සිටි ඇය තම හිස සෙමෙන්  අනෙක් පසට හරවා ගත්තාය. ඒ අප අතර වූ අවසාන සංනිවේදනය විය.

දින කිහිපයකට පෙර මාධ්‍ය සගයෙකු වන සනත් බාලසූරියගේ මවගේ වියෝව මොහොතේ ඔහු වෙනුවෙන් කල සටහනක් අද මම මා වෙනුවෙන් නැවත ලියන්නෙමි. “

අපට අහිමි කල භූමියක් තුල අපේ පවුල් සහ හිතවතුන් පස් යටට කරන තැනක හිටගෙන ඉන්නවත් නොහැකි වීමේ වේදනාව, ආගන්තුක භූමියක අප ඒ ගමන යන තුරු අපට විඳවන්නට වේවි.”

සුභ ගමන් අම්මා !

nmdkkldjf
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article