spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජෝශප් මයිකල්ව උසිගැන්වීම කාවින්දගේ සැලැස්මක් ද?

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී  කකාවින්ද ජයවර්ධන මහතා ගේ කැදවීමෙන්  එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්  ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ රැස්වීමක් ජා -ඇලදී පැවැත්වුණ අතර මෙම රැස්වීම අවසානයේ යම් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.
වාර්තා වන අන්දමට මෙම රැස්වීම නියෝජනය කිරීමට  හිටපු පා.මන්ත්‍රීවරයෙකු හා ජාඇල එජාප සංවිධායකවරයා වන ජෝශප් මයිකල් පෙරේරා  මහතා කැදවා තිබූ අතර රැස්වීම අවසාන වී ස්තූති කතාව පැවැත්වෙන මොහොත දක්වා ජෝශප් මයිකල් පෙරේරා මහතාට  සභාව ඇමතීමට අවස්ථාවක් නොදීම හේතුවෙන් ජෝශප් මයිකල් පෙරේරා මහතා  එම ක්‍රියාව හෙළාදකිමින් වෙදිකාවට ගොඩවී සිය විරෝධය පළකර සිටියේය. එම අවස්ථාවේදී මයික්‍රෆෝන ක්‍රියා විරහිත කර තිබූ අතර අවසානයේ රැස්වීම් ශාලාවෙන් පිටව යන ජෝශප් මයිකල් පෙරේරා මහතාට හූ ප්‍රහාරයකින් ද සංග්‍රහ කරන්නට සංවිධායකින්  කටයුතු කළේය.

බැලූ බැල්මටම මෙම ක්‍රියාව හොදින් සැලසුම් කළ වැඩක් බව පෙනෙන්නේ ජෝශ්ප් මයිකල් මහතාට කතාවක් නොදීම සභාව අවසන් කිරීමත් ඔහුගේ විරෝධය සමනය කිරීමට කිසිවෙකු අඩුම ගණනේ රවී කරුණානායක මන්ත්‍රීවරයා හෝ මැදිහත් නොවීමෙනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතාගෙන් මිපුර විසින් සිදුකළ විමසීමකදී ඔහු විසින් සදහන් කළේ මෙම සිදුවිම තරයේ හෙළාදකින බවයි. එක්සත් ජාතික පක්ෂයේ ජේ්‍යෂඨ දේශපාලනඥයෙකු එවැනි තත්ත්වයකට පත්කිරීමට වැඩකටුයුතු සිදුකිරීම පක්ෂයේ විණයට නොගැලපෙන බවත්  දේශපාලනය කිරීමේදී විවිධ මතභේද ගැටුම් ඇතිවුවත් ඒවා මනාව කළමණාකාරනය කිරීමට සුදුසු පරිනතභවක්  තරුණ දේශපාලන නායකයින්ට තිබිය යුතු බවත් රොයිස් විජිත මහතා අ අවධාරණය කර සිටියේය.

පහත දැක්වෙන්නේ පා.මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ ෆේස් බුක් පිටුවට මෙම සිදුවීම  සම්බන්ධයෙන්  පළකර තිබු ප්‍රතිචාරයකි. (මේ වන විට ඔහු එය සිය ෆේස් බුක් පිටුවෙන් ඉවත්කර තිඛේ )

”Wrong and not acceptable.why you bring thief Ravi to our area and insulting an old person a person who worked for people?an old person? Is that being quiet and intelligent? King of thieves Uneduacted behavior and a bunch of morons and did not expect this from you”

21686492_834577710048791_2431481724378997164_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article