spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ටිමොර්යේ සැබෑ නිදහස සමරන පුරවැසියෝ සහ අපේ යටත්වැසියෝ

Must read

පෘතුගිසි කොලනියක් වෙච්ච නැ⁣.ටිමොරය 1975 නොවැ 28 වෙනිදා නිදහස ලබනව.එදාම නිදහස් රාජ්‍යයකුත් ප්‍රකාශයට පත් කරනව.නමුත් ඒක පැවතුනේ දින 9ක් පමණයි.දෙසැම්බර් 7වෙනිදා ඉන්දුනීසියාව විසින් ටිමොරය යටත් කරගන්නව.එතැන් පටන් ම්ලේච්ඡ පාලනයක් ගෙනයනව.1999 දක්වා.

මේ ම්ලේච්ඡත්වයට එරෙහි ටිමොර ජනතාව පෙරමුණු දෙකකින් අරගලය දියත් කරනව.එකක් ටිමොරය කෑලතුල කරපු සංකේතාත්මක ගරිල්ලා අරගලය .අනික් පෙරමුණ තමයි ලෝකය පුරාම දියත් කෙරුනු සහයෝගිතා වැඩපිලිවෙල .

මේ සියල්ලේ ප්‍රතිඵල හැටියට 1999 ජනමතවිචාරනයකින් ඉන්දුනීසියානු පාලනයෙන් ඉවත් වෙන්න ටිමොර ජනතාව ඡන්දය ප්‍රකාශ කරනව.

එක්සත් ජාතින්ගේ සංවිධානය වසර 2කක කාලයක් පුරාවට ටිමොරය ස්වාධින රාජ්‍යයේ පාලනය භාරගැනිම සදහා පුහුණු කරනව.

ටිමෝරයේ නිදහස හැටියට එයාල සමරන්නේ නොවැ 28

2023 ොනවැ 28 වනදා නැ.ටිමෝරයේ ඩිලි අගනුවර පැවැති නිදහස් උත්සවය

නිදහස් දින සැමරුම පැවැත්වෙන පරිශ්‍රය සාමාන්‍ය ජනතාවට විවෘතයි.පොඩි උන් ජංගි කොට ඇදගෙන කකුලට සෙරප්පු දෙකක්වත් නැතුව ඇවිත් ඇන තියාගෙන රටේ නිදහස සමරන උත්සවය නරඹනව.

හමුදාව තමන් සටන් කරල දිනාගත්තු නිදහස ගැන ආඩම්බරයෙන් පෙළපාලි වල ගමන් කරනව .දරුවෝ ඇකයේ රුවාගත් මව්වරු හමුදා ආචාර පෙළපාලියට අඩි කිපයක් ඈතින් ඉදන් සැමරුම නරඹනව.

ඇත්තටම ඒ මිනිස්සු තමන්ගේ රටේ නිදහස කොයිතරම් නම් නිදහසේ බුක්ති විදිනවද.

ඒකටත් එක්ක අපේ රටේ හෙට සමරන නිදහස.

කාටද හැඟිමක් තියෙන්නේ ඒ ගැන. රටේ බහුතරයකට එහෙම හැඟිමක් නැ.නිදහස සඳහා එක්ව සටන් කළත් ,සුලු ජාතින්ට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච මහජාතියේ කෙණහිලි කම් යුද උන්මාදය ඝාතන අතුරුදන් කිරිම් .මේ සියල්ලෙ පිඩාව විඳදරාගත් උතුරේ සහ නැගෙනහිර ජනයා මේ නිදහස් දිනය කළු සැමරුමක් කියල නම් කරන එකේ අරුමයක් තියෙනවද?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article