spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩඩ්ලි සේනානායක මාර්කට් එක කඩා දමා මාස 33 ක් ! මීගමු නගරාධිපති කෝ ?

Must read

ඩඩ්ලි සේනානායක නමින් වු කාමච්චෝඩේ පිහිටි වෙළද පොල ගොඩනැගිල්ල කඩිමුඩියේ වෙළදුන්ටද තග දමා කඩා දැමුවේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි.
ඒ මිට දෙකාමාරකටත් පෙරය .
මේ නිසාම  දශක ගණනාවක් පුරාවට එහි කඩ පවත්වාගෙන ගිය වෙළදුන් විශාල පිරිසක් මේ වන විටත් අනාථය.

මෙසේ කඩිමුඩියේ කඩා දැමු පසු එය අලුතින් ඉදිකිරිමට මුදල් නැතැයි දැන් නගරාධිපති දයාන් ලංසා මීට වසරකට ඉහතදි   ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.

ඒ 2021 පෙබරවාරි මහසභා රැස්විමේදිය.

නගරසභාවේ ඉදිකිරිම් වලට අදාලව ඇති විවිධ චෝදනා හේතුවෙන් ඉල්ලා තිබුණ රුපියල් මිලියන 400 ක් ණය මුදල ප්‍රතික්ෂේප වි ඇතැයි ඔහු මේ අනුව පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ මිගමුවේ ජේෂ්ඨ වෙළද ව්‍යාපාරිකයෙකු කියා සිටියේ ලංසා පවුලේ කොයිවැඩෙත් මේ වගේ තමයි  කියාය.
පසුගිය කාලය තුල මිගමුවේ දියත් කරන්නට යෙදුණු සියළු ව්‍යාපෘතින් පැහැදිලිව සුදු අලින් පමණක් බව ඉතා පැහැදිලි යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
වසර ගණනාවක් යනතුරුත් තවමත් විවෘත කරගැනිමට බැරි වු කාමච්චෝඩේ වෙළද සංකිර්ණය තවත් එක් පැහැදිලිව උදාහරණය බවද ඔහු කියා සිටියේය.මිගමුවෙ බස් නැවතුමේද පහල මාලය හැරෙන්නට ඉහල මාලය කිසිදු ප්‍රයොජනයකට ගත හැකි තත්වයක නැති බවද සැලය.

ඩඩ්ලි මාර්කට් එක කඩා දමා රථගාලක් දාපු නගරාධිපති .

රථගාල…

මීගමුව බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු කළ හැකි වානිජ නගර වලින් ප්‍රධානතම එකකි.
එහෙත් ඒ සදහා අවැසි දේශපාලන සහ පරිපාලන ශක්‍යතාවය මිගමුවට නොමැති විම බරපතල ගැළුවකි.
මිගමුව යනු ගණිතඥවන් අවැසි තැනට නැට්ටුවන් ලැබුන තැනක් හා සමානය.
එබැවින් කිසිවක් සිදුවන්නේ ප්‍රතිපත්ති හෝ විධිමත් සැලසුම් අනුව නොවේ.
පවුලේ කැමත්ත හා පාලකයාගේ කැමැත්ත ලෙසින් මිගමුව සංවර්ධන ව්‍යාපෘතිවලටද බලපා තිබේ.
මේ නිසාම කාමච්චොඩේ ප්‍රදේශයේ පැවැති මිගමුවේ ප්‍රකට පැරණි වෙළද සංකිර්ණය කඩිමුඩියේ කඩා දැමුනේ එහි නව වෙළඳ සංකීර්ණයක් කඩිනමින් හදනා බව කියමින් වුවුද දැන් එවැන්නක් ගැන කිසිදු සලකුණක් හෝ නොමැත.
ඒ වෙනුවට දැන් එහි ඇත්තේ රථගාලකි.මිගමුවේ නගරාධිපතිට ඇත්තේ දැනුමේ දිග පළල ගැන තවත් උදාහරණ අවැසි නැතැයි අප සිතමු

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article