ඩිජිටල් තිර මාර්ග අනතුරුවලට අතවැනීමකි

0
479

(5.15pm) මාර්ග සංඥා සහිත මංසන්ධිවල ඩිජිටල් තිර යොදා ගනිමින් වෙළඳ  දැන්වීම් ප්‍රදර්ශණය කිරීම දැන් ප්‍රවනතාවක් බවට පත්ව තිබේ .
මෙය වෙළඳ ව්‍යාපාරිකයින්ට තමන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර ගැනීම සඳහා වැදගත්වන මාධ්‍යක් බවත් එමගින් රජයට ආදායමක් ලැබෙන බවත් බැලූ බැල්මට පෙනෙන කාරණයකි. මීගමුව නගරයේ මෙවැනි ස්ථාන 6 ක් පමණ ඇති අතර  මීගමුව තෙල්වත්ත හංදිය, කොප්පරා හංදිය, පෙරියමුල්ල හංදිය, ගල්කන්ද හංදිය යන ප්‍රධාන මංසන්දි මේ අතර ප්‍රධාන වේ.
මෙවැනි ඩිජිටල් දැන්වීම් තිර ප්‍රධාන මංසන්ධි වල ප්‍රදර්ශනය කිරීම රියදුරන්ගේ අවධානය වෙනතක හැරවිය හැකි ප්‍රධාන බාධාවකි. මෙම තිර රියදුරන්ගේ මෙන්ම මෙම ස්ථාන වලින් ගමන්ගන්නා මගීන්ගේ ද අවධානය වෙනතක හැරවිය හැකි සාධකයකි.  දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේ දී  මෙම ඩිජිටල් තිර වලින් විහිදුවන දැඩි ආලෝකය රියදුරන්ගේ ඇසට බාධාවක් වන අතර අවධානය වෙනස් කළ හැකි ආකාරයට ඇසට බාධාවකි. මේ සම්බන්ධයෙන් මේ වනතෙක් පොලිසියේ රථවාහන අංශයේ අවධානය  අවධානය යොමුවී නැතත් ඉදිරියේදී ඒ සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුය. මාර්ග අනතුරු වැලැක්වීමේදී සලකා බැලිය යුතු කාරණා අතරට මෙම ඩිජිටල් තිර සම්බන්ධයෙන්  අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

DSC_1077 DSC_1072 DSC_1080 DSC_1088 DSC_1076