(දෙවෙනි සංස්කරණය)
ඩීන් හංදිය කියන්නේ මිගමුවේ වඩාත් ප්‍රසිද්ධ තැනක්.
මෙතන චරිත 3ක් ගැන අපි පහුගිය කාලේ ලියල තියෙනව.
එක්කෙනෙක් සුප් විකුණනවා,අනික් කෙනා විකුණන්නේ සමෝසා.මේ අස්සේ තවත් අමුතු චරිතයක්.මනුස්සයා පාමසියේ මත් කරල් විකුණනවා.
අපි දැන් එයාගේ ෆාමසියත් කියන්නනම්කෝ.ඒ තමයි මූන් පාමසිය.මේ හාදයව දැන් කිප සැරයක් අත්අඩංගුවට අරන් තියෙනව මේ ජාරා වැඩේ හින්දම.
දෙන්නෙක් මහන්සි වෙලා රහට කෑම බීම හදල විකුණලා සල්ලි හොයද්දි අනික් කෙනා තරුණයන්ව මතට තල්ලු කරල සල්ලි හම්බකරනව.
ලැජ්ජයි
සුප් කඩේ
මේ තැන තියෙන්නේ මීගමුව මීරිගම පාරේ, ඩීන් හන්දියේ, ලාසරස් පාර එහෙම නැත්නම් මිගමුව ඩිපෝ පාර ආරම්භ වෙනවාත් සමඟයි. ඩීන් හන්දියේ සුප් කඩේ කිව්වහම මේ තැන නොදන්න කෙනෙක් නෑ. ඩීන් හන්දියේ අමීර්ගේ සුප් කඩේ කිව්වහම මෙතැන කවුරුත් හොඳටම දන්නවා.
රිස්මිගේ සමෝසා
ඔහු මොහොමඩ් රිස්මි, ඔහු ඉන්නේ මිගමුව- මීරිගම පාරේ ඩීන් හන්දියේ, ජයරත්න පාරේ. ඔහු කරන්නේ කුඩාවට හෝටලයක් පවත්වගෙන යන එක. මේ හෝටලේ තියෙන සමෝසා, කට්ලට්, රෝල්ස්, සහ උළුඳු වඩේ වගේ දේවල් හරිම රසයි. හැබැයි ඒවයේ මිල නම් හරිම අඩුයි. ඉතිං අපි ඔහු පිළිබඳව ටිකක් විස්තර හොයලා බැලුවා.
ඩින් හංදියේ මූන් ෆාමසියේ මත්කරල්?
මෙම පුද්ගලයා මීගමුව ඩීන් හන්දිය මූන් ෆාමසි නමින් ඔසුසලක අයෙකු වන අතර මත්කරල් ලග තබාගැනීම සම්බන්දයෙන් මෙම පුද්ගලයා මින් පෙරද අවස්ථා කිපයකදිම පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
ඉතින් මිගමුවේ ප්‍රසිද්ධම හංදියක් වෙච්ච ඩීන් හංදියේ දෙන්නෙක් මහන්සි වෙලා කෑම,බීම හදලා හම්බ කරන් කද්දි තවත් කෙනෙක් පවුල් පිටින් පාරට පවා ඇදවැටෙන්න තරම් වන මත් ඇබ්බැහියකට තරුණයන්ව යොමුකරනව
මහන්සි වෙලා හම්බකරන් කන අයව අගේ කරමු.සහයෝගය දෙමු.















