spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තම මාධ්‍ය සගයන්ට එල්ල කළ මැර ප්‍රහාරය යාපනය මාධ්‍ය සමාජය හෙළා දකී.

Must read

JPCපුවත්පත් නිවේදනය

12.10.2020

ජනමාධ්‍යයට සීමා පනවන නවතම ක්‍රමය

මුලතිව් හි මුරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී දැව ජාවාරමක් ගැන වාර්තා කිරීමට ගිය මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ යාපනය ජනමාධ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන තවසීලන් සහ කනපතිපිල්ලෛ කුමනන් යන දෙදෙනාට එරෙහිව සිදු වූ පහරදීම යාපනය ජනමාධ්‍ය සංගමය දැඩි සේ හෙළාදකියි.

එමෙන්ම, ජනමාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවතත් හිස එසවීම සම්බන්ධයෙන් තම කණස්සල්ල ද යාපනය ජනමාධ්‍ය සංගමය මේ අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටී.

පසුගිය කාලවකවානුව තුළ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ජනමාධ්‍ය නිදහසට එරෙහිව රජයෙන් බලපෑම් එල්ල වූ ආකාරය අමුතුවෙන් කියා මතක් කළ යුත්තක් නොවේ.

දමිළ නිජබිම තුළ ජනමාධ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ අපේ සහෝදර ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් 39දෙනෙකුගේ ජීවිත පූජාව නිසා බව අමතක නොකළ යුත්තකි.

ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් එල්ල වීමත්, එල්ල වූ තර්ජන නිසාවෙන් බොහෝ ජනමාධ්‍යවේදීන් රට හැර යාමේ තත්ත්වයක් මින් පෙර කාලවලදී උදා වූ බව නොරහසකි.
ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම සඳහා හේතුකාරක ලෙස යුද සමය පෙන්වාදෙමින් සිටින පාලකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් හට මුලතිව් හි මුරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙසින් තේක්ක ගස් කැපීම යුද කාලයට අදාළ නොවන ක්‍රියාවක් බව නොදැනීමට හේතුවක් නැත.

පහරදීම සිදුකළ අය ශ්‍රී ලංකා වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව මෙයාකාරයෙන් දැව සඳහා ගස් කැපීමේ ජාවාරමේ නිරතව සිටින බව පහරදීමට ලක් වූ මාධ්‍යවේදීන් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික දැව සංස්ථාවේ උප කොන්ත්‍රාත්කරුවෙකු වන බහුතර ජනවර්ගයට අයත් පුද්ගලයෙකු සතු ආයතනයක් සඳහා දැව සැපයීමේ කාර්යයේ නිරතව සිටින ඉහත කණ්ඩායම, සිය රැකවරණය වෙනුවෙන් ඉහතකී ආයතනය සහ දැව සංස්ථාවේ නාමයන් යොදාගන්නා බවට පහරකෑමට ලක් වූ ජනමාධ්‍යවේදීන් හෙළිදරව් කළහ.

නැවතත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව රජයේ යාන්ත්‍රණයේ සහයෝගය ඇතිව සිදුකෙරෙන පහරදීම් ‍යහපත් අනාගතයක් සඳහා වූ සතුටුදායක ප්‍රවණතාවක් නොවන බව යාපනය ජනමාධ්‍ය සංගමය අවධාරණය කර සිටියි.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්තඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන මෙන් යාපනය ජනමාධ්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටින අතර, ජනමාධ්‍ය නිදහස සඳහා වූ ගමනේ දී සියලුම ජනමාධ්‍යවේදීන් සමග තමන් ද අනිවාර්යයෙන්ම අත්වැල් බැඳගෙන ගමන් කරන බව ද ඔවුන් අවධාරණය කරති.

ආ. සබේශ්වරන්; සි. නිදර්ශන්; සභාපති,ලේකම්
යාපනය මාධ්‍ය සංගමය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article