spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තරුණයන් අතුරුදන් කිරිම ගැන කරන්නාගොඩ ඇතුළු පිරිසකට අධිචෝදනා යටතේ නඩු !

Must read

Screenshot_20191112_1421492008 – 2009 කාලසීමාව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 14කට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 678ක් යටතේ ඊයේ(11) දින කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

එම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සුදු වෑන් භාවිතා කරමින් 2008 වසරේ අගෝස්තු 25 වැනි දා සහ 2009 මාර්තු 21 වැනි දා කාලය අතර අවස්ථා 06 කදී කොටහේන ඇතුළු තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ.මේ අතර පසුගිය දිනක සුදුවෑන් රියදුරුවෙකු මාධ්‍ය හමුවේ කරන්නට යෙදුන හෙළිදරව් කිරිම් පිලිබදව උතුරෙ මාධ්‍ය විසින් ප්‍රධාන අවධානයක් යොමුකර තිබුණි.එහි පලවු පුවත්පත් වල මුල් පුවත ලෙස එය පළව තිබුණි.එමෙන්ම එකි හෙළිදරව්වත් උතුරේ ගොඨාභයට එරෙහිව පැවැති විරෝධය තවත් උත්සන්න වි ඇත.මැතිවරණය පිළබදව කිසියම් උදාසිනකමක් පැවැති උතුර මේ සියළු තත්වයන් හමුවේ දැන් දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article