spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තලාහේන පේරුවේ ජනතාවගේ ජිවිතය අනතුරේද…???

Must read

මීගමුවේ තලාහේන පේරුවේ ජනතාව ජිවත්වන්නේ මුහුදත් කලපුවටත් මැදිවු කුඩා බිම් තීරුවකය.සුනාමි වැනි ත්තවයකදි මේ අයට ප්‍රධාන බිම් කොටසට පැමිණිමට ඇත්තේ ක්‍රම දෙකකි. එක්කෝ පාලම් කිපයක් හරහා ගොඩ බිමට පැමිණිය යුතුය. නැතිනම් කලපුව ඔස්සේ බෝට්ටු මගින් පැමිණිය යුතුය.

එහෙත් මෙවර සුනාමි අනතුරු ඇගයිමේ අවස්ථාවේදිද මෙහි වෙසෙන දහස් ගණන ජනයා පැමිණියේ මේ පාලම් කිලය ඔස්සේය. මේ නිසා මේ පාලම් හරහා පැමිණිමේදි විශාල තද බදයක් ඇතිව තිබුණි. දූව ප්‍රදේශයේ සිට පැමිණි අයෙක් පවසා සිටියේ ඔවුනට මීගමුව නගරයට ඒමට පැය එකාමාරක් ගතවු බවය.

මේ තත්වය රාත්‍රි කාලයේ සිදුවුයේ නම් තවත් වෙනස් වනු ඇත.

මේ පසුබිම යටතේ මේ කලාපයේ ජනතාවගේ අවදානම ගැන ඇත්ත ඕනෑකමකින් යුතුව සලකා බැලිය යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article