ත්‍රස්ත විරෝධි පණත සහ ජනපතිගේ ජර්මන් සංචාරය..

0
120

ජනපති අනුර කුමාර සිය ෆේස් බුක් පිටුවේ ජර්මන් සංචාරයක ගැන පහත සටහන පළ කර තිබුණි

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනයෙන්, ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා අද (10) රාත්‍රියේදී දිවයිනෙන් පිටත් වීමි.

මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඇමතිවරු මෙන්ම ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරමි. එහිදී වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමි.

එසේම, ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාර සංසදයට සහ ව්‍යාපාරික හමු කිහිපයකට සහභාගි වීමටද, ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද අපේක්ෂා කරමි.

මෙම සංචාරය සඳහා මා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටිති.

මේ අතර මහේෂ් මුණසිංහ ⁣⁣සිය ෆේස් බුක් පිටුවට පහත සටහන එක්කර තිබුණි.

“සබඳතා ශක්තිමත් කිරීමට සහ නව අවස්ථා ගවේෂණය කිරීමට උද්යෝගිමත්ව!”
ජනාධිපති අනුර කුමාර එහෙමයි කියල තිබුණෙ ජර්මනියට පිටත්වන විට.

එහෙත් මැයි 24 ඩේලි මිරර් පුවත්පතට අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම, සංහිඳියාව සහ යුද-කාලීන වගවීමේ ගැටළු විසඳීම සඳහා ඔහුගේ රජය විසින් ගනු ලබන පියවර පිළිබඳව ජර්මනිය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඔහුගේ සංචාරයේදී විමසනු ඇති බව එම පුවත්පතට දැනගන්නට ලැබී ඇත.

පුවත්පත් තවදුරටත් පවසින්නේ, ජර්මනිය, අනෙකුත් බටහිර බලවතුන් සමඟ එක්ව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා දිගු කලක් තිස්සේ බලපෑම් කරමින් සිටින බවය.

එමෙන්ම, ජර්මනියේ දී ජනපති අනුර කුමාරට විරෝධය පා එහි වෙසෙන විදෙස්ගත දෙමළ ජනයා විසින් උද්ඝොෂණයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවත් වාර්තා වේ. එය බොහෝවිට ඔහු ජර්මනියට ලඟාවන අද ජුනි 11 දින සිදුවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here