තෙල්මිළට එරෙහිව කාවින්දගේ සෙල්ලම් උද්ඝෝෂණ ..???

0
353
196808664 1552316428433830 8364002312725339950 n

ඉන්ධන මිළ ඉහල දැමිම හේතුවෙන් ජනතාව දැවැන්ත පිඩාවකට පත්ව සිටි. භුමිතෙල් මිළද ඉහල ගොස් ඇති නිසා ධිවරයන්ට එය තදින්ම බලපාන බව ධිවරයෝ කියා සිටිති.


තතු එසේව තිබියදි මේ වන විට මිගමුවේ විවිධ කණ්ඩායම් උද්ඝෝෂණ කිපයක් ඊයේ මෙන්ම අදත් සංවිධානය කර තිබුණි.මේ සියළු විරෝධාතා වල පැවැති පොදු ලක්ෂණය වි තිබුනේ සැබැ ධිවරයන් මේ විරෝධතා සදහා උනන්දුවකින් සම්බන්ධ වි නොතිබිමයි.


සමඟි ජන බලවේගය විසින් අද මිගමුව දූව ප්‍රදේශයේ ධිවර විරෝධතාවයක් සංවිධානය කරනවා යැයි පවසා තිබුණද සැබැවින්ම මේ විරෝධතාවයට අඩුම තරමින් මිගමුව සමගි බලවේගයෙන් සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හෝ සහභාගිව තිබුනේ නැත.
මෙම කුඩා විරෝධතාවය හමාර වු පසු කාවින්ද ඇතුළු දේශපාලකයන් පිරිසක් පැමිණ සිටි බව පසුව වාර්තා විය
පවතින සංචරණ සිමාවන්ට යටත්ව පවා විරෝධතාවයක් සිදුකරන්නේ නම් එයට අවංකව නිසි සුදානම් සහිතව එය කළයුතුව තිබේ.එහෙත් සමගි බලවේගය විසින් සංවිධානය කර තිබුනේ යැයි කියන මෙම උද්ඝෝෂණය තුල එවැන්නක් පැහැදිලිවම දකින්නට තිබුනේ නැත

ධිවරයන් යැයි කියු සුලු පිරිසක් බෝට්ටු කිපයක් මත නැගි විරෝධය දක්වන ආකාරය පෙනුන අතර ඒ ගැන නම සදහන් නොකළ දූව ගමේ ධිවරයෙකුම කියා සිටියේ කාවින්දගේ සෙල්ලම් උද්ඝෝෂණයක් යැයි කියාය.

වංචනික රජයක් විසින් ජනතාව මත පටවා ඇති දැවැන්ත පිඩනය මෙවැනි සෙල්ලම් උද්ඝෝෂණ මගින් හෑල්ලුවට ලක්නොකළ යුුතු බව ධිවර සමාජ ක්‍රියාකාරින් කිපදෙනෙකුම මිපුර වෙබ අඩවිය අමතා පවසා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here