spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තරුණ ජනමාධ්‍යවේදියෝ විපක්ෂ නායකට වගකීම් මතක් කරදෙති..!

Must read

පාසැල් පන්ති නායකයෙකුටත් අන්ත බොළඳ ආකාරයෙන් ක්‍රියා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විපක්ෂ නායකයෙකුගේ වගකීම් මතක් කර දෙමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරුණයන් විපක්ෂ නායක සජිත් වෙත අද ලිපියක් යවා තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

2021.06.18

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා,
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක,
විපක්ෂ නායක කාර්යාලය,
කොළඹ.
විපක්ෂනායකතුමනි,

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ලවන බලපෑම් හමුවේ පක්ෂ දේශපාලනයෙන් තොරව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීම

සමාජ මාධ්‍යවල යම් පලකිරීමක් ගැන ඔබ පක්ෂය හා සම්බන්ධ ගාල්ලේ තරුණයකු ඊයේ (17) අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔබ සහ ඔබ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඊට ඉතා කඩිනමින් පෞද්ගලිකවම මැදිහත්වී කටයුතු කළ බව අපට දැනගන්නට ලැබුණි. ඒ සම්බන්ධයෙන් ඔබටත්, ඔබ පක්ෂයටත් ස්තුතිවන්ත වෙමු. මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔබ පක්ෂයට සම්බන්ධ කාන්තාවක මෙවැනිම සිද්ධියකට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔබ පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ආකාරයටම මැදිහත්වී තිබිණි.

විපක්ෂනායකතුමනි,

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට මේ දිනවල දැඩි බාධා ඇතිවෙමින් තිබිය දී ඔබ සහ ඔබේ පක්ෂය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන බැවින් පක්ෂයට සම්බන්ධ පිරිසට ගැටලුවක් මතුවන අවස්ථාවලදී පමණක් පෙනී සිටීම ගැන අපි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස කණගාටුව පළකරමු.

පසුගිය අප්‍රේල් පළමු වැනි දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරනු ලැබූ ‘සුළු අඩුපාඩු විවේචනය කරන පිරිස්’ ගැන නිවේදනයෙන් පසු මේ වන තෙක් සැලකියයුතු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ කිසිම කෙනෙකු සම්බන්ධයෙන් ඔබ හෝ ඔබේ පක්ෂය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කළේ නැත.

රටේ ඕනෑම පුරවැසියකුට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය, රජයේ ආයතනවල අඩුපාඩු විවේචනය කිරීමේ අයිතිය මෙන්ම වංචා දූෂණ ගැන පෙන්වාදීමේ අයිතිය ද තිබේ. මේ බව විටින් විට නඩුතීන්දු මඟින්ද පිළිගෙන ඇත. එසේ තිබිය දී පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කළ සැලකියයුතු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. එය බරපතල තත්ත්වයකි. මෙවැනි කාරණාවලදී පක්ෂ බේදයක් නැතිව මැදිහත්වීමටත්, පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට මැදිහත්වීමටත් අනෙකුත් සියලුම පුරවැසියන්ට මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන ඔබ පක්ෂයටත්, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ඔබටත් අත්හළ නොහැකි විශාල වගකීමක් ඇත.

2015-2019 යහපාලන යැයි කියාගන්නා කාලයේ දී සිදුවූ අත්අඩංගුවට ගැනීම් වලදී ඊට එරෙහිව එවකට විපක්ෂය කටයුතු කළ ආකාරය මතක් කර දීමට කැමැත්තෙමු. ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම වැනි බරපතල සිදුවීම් ගණනාවක ප්‍රධාන සාක්කිකරු වූ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ හෝ විපක්ෂයක් ලෙස ඔබගේ කාර්ය ඉටු නොවූ බව අපගේ අදහසයි.

එබැවින් රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලු මතුවන, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් බරපතල සීමා කිරීම් ඇති කරන මෙම කාල වකවානුවේ පක්ෂ දේශපාලනය පසෙකින් තබා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසත්, පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ නායකයා ලෙසත් මෙම මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ප්‍රමාණවත් මැදිහත්වීමක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි,
මෙයට,
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත්
1) ලේකම් – සමගි ජන බලවේගය
2) විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
3) සියලුම මන්ත්‍රීවරුන් – සමගි ජන බලවේගය

විදෙස්ගත පාඨකයන් සඳහා දිගුව https://www.lankaenews.com/news/12224/si
ලංකාව තුල පාඨකයන් සඳහා දිගුව https://len-official.blogspot.com/2021/06/blog-post_75.html

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article