spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තෙල් මිළට හා මුහුදේ වැලි හෑරිල්ලට එරෙහිව මිගමුවේ ධිවරයන්ගේ විරෝධය ..

Must read

තෙල්මිළ සහ මුහුදේ වැලි හෑරිල්ලට එරෙහිව අද පෙරුවරුවේ මිගමුව කොතලාවල පාලම යට බෝට්ටු මත නැගි මිගමු ධිවරයෝ විරෝධතාවයක නියැලි සිටියහ.

පාර හරස් කොට විරෝධතා දැක්විමේදි මහජනයා සිදුවන අපහසුව පවා වලකාලමින් ඔවුන් කලපුවේ සිට විරෝධය පළකරන බව කියා සිටියහ.

මිට පෙර වරාය නගරය සදහා මුහුදෙන් වැලි හැරිමට එරෙහිවද දැවැන්ත විරෝධතා උපවාස මිගමුවේ පැවැත්වුණි.

කෙසේ වෙතත් එමගින් ධිවරයන්ට සිදුවන හානියට වන්දියක් ලෙසින් මීගමුවේ බොහෝ ධිවර සංවිධානවලට විශාල මුදලක් වරාය නගර ව්‍යාපෘතිය විසින් ලබා තිබුණි.

වරාය නගරය වැලි හැරි’ම නිසා මේ වන බටහිර වයඹ මුහුදු තිරයේ ජනයා දැඩි අපහසුතා වලට මුහුණ දි සිටිති. මුහුද ඛාදනය හේතුවෙන් ඇතමුන්ට සිය වාසස්ථාන පාවා අහිමි විය.

මේ අතර වැලි හෑරිල්ලට ප්‍රතිපත්ති මුලික විරෝධයකට නොගොස් පල්ලිය මෙන්ම බහුතරයක්  ධිවර සංවිධානද රජයේ ඇතැම් ගැටවලට අසුවු බවට චෝදනාවක්ද පවති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article