spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තොන්ඩමන්‍‍ගේ ඔරලෝසුව

Must read

5da2c5a5f053d_5da2c591acda9_5da2c583cfc77_thondaman
මිය ගිය තොන්ඩමන් මහතාගේ දේහයට උපැස් යුවලක් පළඳා අන්දවා තිබු කමිසයට උඩින් වටිනා අත් ඔරලෝසුවක්ද පළදවා තිබුණි.මුහුනේ තිබු යම් විකෘතිතාවයක් මකා දැමීමටඋපැස් යුවල පැළඳුවේ යයි සිතුවද ඔරලෝසුවක් පැළඳුවේ මන්ද?
ලංකාවට දක්කාගෙන ආ වතුකම්කරුවන්ගේ ජීවන තත්වය යම් තරමකට හෝ උසස් කිරීමට මුල් වු නඩේෂ අයියාර් ඉන්දියාවෙන් පැමිණි බ්රාහ්මන වංශිකයකු වන අතර ඔහු බිරිඳ ද එසේමය.පසු කලෙක මේ අයියර් සමසමාජයට එකතුවි වතු කම්කුරවන් වෙනුවෙන් සටන් කලේය.
නමුත් පසු කලෙක ලංකාවට පැමිනි සෞම්‍යමුර්ති තොන්ඩමන් මහතා මේ සටන්කාමි වෙමින් සිටි වතුකම්කරුවා දීනත්වයටම ඇද දැමීය.ඒ තම වංශවත් බව මෙන්ම ඔහුගේ දෙමව්පියන් විසින් නොමසුරුව වැය කරන ලද මුදල්ද යොදවමිණි. ඔහුගෙන් පසු කරළියට ගෙන එන ලද මිය ගිය තොන්ඩමන් මහතා තම කුලය පමණක් නොව දුකුනු ඉන්දියාවේ බෙහෙවින් භාවිතා කරන රැවිටිලි ක්‍රමද වතුකරයේ ජනතාව මුලා කිරිමට යොදා ගන්නා ලදි.ඒ අනුව ඔවුහු ඇදුම් පැලඳුම් වලින්ද බාහිර සැරසිලි වලින්ද ඉහළින් පෙනි සිටියෝය. දකුණු ඉන්දියානු නළුවන්ට සමාන. තොන්ඩමන්,සෙන්දිල්, වඩිවෙල් සුරේෂ්,අරවින්ද කුමාර ඇතුළු වතු දමිලයන්ගේ සියළුම නියෝ ජිතයන් දෙස බලන්න.අහිංසක කම්කරුවන් සහ ඔවුන්ගේ ගැහනුන්ද මුසපත් කරවමින් වටිනා කමිින් ඉහල වාහන වලින් එන ඔවුන් ඉන් බිමට බසින විටම අව් කන්නාඩි පළදින බව දැකිය හැක.

ඔබ දකුනු ඉන්දියාවට ගොස් සිනමා ශාලාවකට යන්න. එහිපෙන්වන චිත්‍රපටියේ නළුවා නිසැක ලෙසම අව් කන්නාඩි පැළද සිටිනවා දැකිය හැක.හෙතම තිරය මත දිස්වන පලමු අවස්ථාවේ සිටම ඔබේදෙසවන් බිහිරි කරවන විසිල් හඞමෙන්ම අත් පොලසන් හඞද ඔබට ඇසෙනු ඇත. අන්ත දුගී බවේ පෙලෙන රසිකයන් මෙවැනි සිනමා පට නරඹා තමන්වද බේරා ගැනීමට එවන් වීරයන් එනු ඇතැයි සතුටු සිතින් ආපසු යති. එසේ වුවද එම වීරයා කෙදිනකවත් නාවද ඒ සිහිනය මොවුන් වෙත රඳවා ගැනීමටම එරට සෙන්ම මෙරටද දේශ‍පාලකයෝ දක්ෂය. තො‍න්ඩමන්ලා අව් කන්නාඩි පැළද ඉන්දියාවෙන් ගෙන්වන අගනා කසී සළු පැළද රොල්ස් රොයිස්ඔරලෝසු බැඳ ජනතාව ඉදිරියේ අමුතුම බල පරාක්‍රමයකින් පෙනී සිටින්නේ දෙවි වරුන් මෙනි. ඇත්තටම එය සාර්ථකය. වතුකරයේ ජනයා බොහෝ විට මොවුන් අමතන්නේ දෙවියෝ යන තේරුම ඇති සාම් යන වචනයෙනි. මැතිවරොණයක් ආසන්නයේදි සෑම වත්තකමඇති කෝවිලකට යන තොන්ඩමන්ලා ජනතාව කැඳවා ඔවුන් ඉදිරියේ යම් මුදලක්කෝවිලට දි ජනතාව, දෙවියන්ට සලකන තමන්ට ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරති. ජීවිතයම ගෙවා දමා සිටින අවසන් මොහොතේ හෝ මේ දෙවියා තමන්ට පිහිටවනු ඇතැයි සිතන දමිලයා ඔහුගේ නියෝ ජිතයා ලෙස පෙනි සිටින පල් හොරාට ඡන්ද ය දෙති.

තොන්ඩමන් මිය ගිය පසුද අගනා කඩින් ඔහු සැරසු අවමගුල් සංවිධායකයෝ ඔහු අත පෙනෙන ලෙස ඔරලෝසුවක් බැන්දේ එම මල මිණිය පවා තව දුරටත් දේවත්වය සහිත උච්චම තැනකට ගෙන පෙන්වීමටය. වතුකරයේ ජනතාව මේ 21 යන සියවසේත් තවමත් සිටින්නේ ඒ සිනමාත්මක මානසිකත්වයේ බව තොන්ඩමන්ගේ අවමගුලේ සංවිදායකයෝ ද දැන සිටියෝය.මේ මානසිකත්යයෙන් ඔවුන් මුදවා ගත හැකි දේශපාලන ව්පා‍යාරයක් බිහි වන තුරු තොන්ඩමන්ලාගේ දේවත්වයද, තිත්ත කහට නම්වන නව කතාවේ එන වේළුසාමිලාගේ ඉරණමද වෙනස් වන්නේ නැත. එහිම එන සටන්කාමි මිනාච්චිලාද ගෝපාල්ලාද බිහි වන්නේද නැත.

සුනිල්ශාන්ත කෝරලගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article