spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දකුණට නෑසෙන උතුරු ,නැගෙනහිර ජනහඩ…..

Must read

උතුරුත් නැගෙනහිරත් මේ දිනවල ජනඅරගලවලින් උණුසුම් වෙමින් තිබේ.දකුණ සිංහ කොඩි ලෙලවමින් 73 තුන්වන නිදහස සමරද්දි මේ රටේ සුළු ජන කොටස් වලට එරෙහිව නිරත්තරයෙන්ම එල්ලවන තාඩන පිඩන වලට එරෙහිව දැවැන්ත ඒකාබද්ධ විරෝධයකට මේ දිනවල දමිළ මුස්ලිම් ජනයා එක්ව නායකත්වය දෙමින් සිටිති.

සුළුතර ජනයාගේ  ඉඩම් අත්පත් කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වුවන්ගේ ප්‍රශ්ණය , මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම සහ වතුකර ජනතාවගේ වැටුප් ප්‍රශ්ණය ඇතුළු විවිධ ප්‍රශ්ණ ගණනාවක් මුලික කොට ගෙන මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබේ.

පෙබරවාරි 04 දමිළ ජනයාට කළු දිනයකි ..

අතුරුදහන්වු සිය අදරැතියන් වෙනුවෙන් අඛණ්ඩ අරගලය නිරත උතුරේ ඥාතිහු කියා සිටියේ පෙබරවාරි 4 වෙනිදා යනු සිංහල ජනයාට නිදහස් දිනය වුවද එය දමිල ජනයාට කළු දිනයක් බවයි.


ඔවුන් කිලිනොච්චියේදි මෙන්ම වව්නියාව නගරයෙේදි විරෝධතා පෙළපාලි දක්වමින් සිය දැවන ප්‍රශ්ණය ජනගත කිරිමට ජවසම්පන්නව පෙරමුණ ගෙන තිබුණි.

පොලිස් බාධක මැද ජනඅරගලය දිගටම..


මේ අතර ඊයේ පොතුවිල් නගරයෙන් ඇරඹි කළු පටි විරෝධතා ගමන , දැඩි පොලිස් බාධාවන් හා උසාවි නියෝග මැද දහස් ගණන ජනයාගේ උද්යෝගිමත් සහභාගිත්වයෙන් යුතුව පෙරටම ඇදි යමින් තිබේ.
මේ විරෝධතා ගමන පොතුවිල් නගරයෙන් ආරම්භ වි කන්කසන්තුරේ පොලිකන්ඩි දක්වා යාමට නියමිතව ඇත.
ඊයේ පොතුවිල් වලින් ඇරඹි මෙම විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයද ඇතුල පක්ෂ ගණනාවක් දේශපාලන ක්‍රියාධරයන් මෙන්ම විශාල සිවිල් ක්‍රියාකාරින් පිරිසක් එක්ව සිටියහ.


මුස්ලිම් ප්‍රදේශ හරහා ගමන් කරද්දි විශාල මුස්ලිම් ජනසහභාගිත්වයක්ද මේ විරෝධාතා ගමනට එක්ව තිබිම ලංකා දේශපාලනය තුල සුවිශේෂ එකමුතුවක් ලෙස සදහන් කළ යුතුව තිබේ.

තාඩන පිඩන වලට එරෙහිව ගොඩනැගුන දමිළ මුස්ලිම් එකමුතුව….


විශේෂයෙන්ම අද (පෙබ 04 ) සවස් වරුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදි හිටපු මුස්ලිම ඇමතිවරයෙකු වු අමිර් අලි අති විශාල මුස්ලිම් ජන පිරිසක්ද සමගින් පොතුවිල් සිට එන මේ විරෝධාතා ගමනටද එක්ව තිබිම අද දිනයේ සුවිශේෂිම සිදුවිම විය.



කතෝලික පියවරුන්ද ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ද මේ විරෝධතා ගමනට එක්ව සිටිති.
ඒ ඊයේ දිනයේ ඇද හැලුන ධාරාණිපාත වැසිද නොතකමිනි.
පිඩාවට පත් ජනයාගේ පැත්ත ගන්නට තරම් එඩිතර වු ඒ ආගමික නායකයන් තමන්ගේ සැබැ දුත මෙහෙවර ගැන සැබැවින් දකුණටද සැබැ පණිවිඩයක් ජිවිත ආදර්ශයෙන්ම ලබා දි තිබේ

දකුණේ මාධ්‍ය වලට නෑසෙන උතුරු නැගෙනහිර ජනහඩ …



උතුරුත් නැගෙහිරත් ජනඅරගල තුලින් උණුසුම් වුවද මේ ඒ ගැන දකුණේ ජනයා දැනුවත් කිරිමට දකුණේ මාධ්‍ය බහුතරයක් කටයුතු කර තිබුනේ නැති බවක් පෙනේ
ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය අතර මේ ගැන යම්තරමින් හෝ පුවත් පළකර තිබුනේ ලංකාදිප වෙබ් අඩවිය පමණි.
මෙහිදි සදහන් කළ යුතුම කරුණක් වන්නේ විකල්ප යැයි කියා ගත් බොහොමයක් මාධ්‍ය වලට පවා උතුරේ සහ නැගෙනහිර ජනහඩට ඉඩක් වෙන්කරලිමට නොහැකිව තිබිම ගැනය
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුවත් වෙබ් අඩවි වල පවා මේ ගැන අවධානය යොමුකර තිබුණ බවක් නොපෙනේ.
දකුණට එසේ නෑසුනද උතුරු නැගෙනහිර ජන අරගලය හෙටත් සුපුරුදු ලෙසින් ජවසම්පන්නව විදි බසිනු ඇත.
පොලිසිය පුරුදු පරිදි බාධාවන් එල්ල කරුනු ඇත.
එහෙත් මේ සකාලාකාර බාධාවන් මැද ගොඩනැගෙන දමිළ මුස්ලිම් එකමුතුව රටේ අනාගත දේශපාලනයට නවපිටුවක් පෙරළනු නොඅනුමානය.
දකුනේ සටකපට දේශපාලනයට එරෙහිව ප්‍රබල අතුල්පහරක් ඒ මතින් එල්ල විමට නියමිව ඇති බැව් පෙනේ


ඡායා-මඩකලපුවේ නෙත්ති /කිලිනෝච්චි සිවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article