spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දරුවන් පාසැලට ඇරලිම සහ ගෙනඒමටත් මීගමුව නගර සභාවේ කැබ් ?

Must read

2006-dodge-ram-2500-quad-cab-slt-pickup-4d-6-14-ft-152183-miles-white-pickup-6--8මීගමුව මහනගර සභාවේ නිළධාරින් 4 දෙනෙකු මේ වන විට නගර සභාව සතුව ඇති කැබ් රථ 4 ක් භාවිතා කරනු ලබන බව සැලය.
එහෙත් වාහනයක් භාවිතා කිරිමේ නිළ අයිතිය ඇත්තේ එක් නිළධාරියෙකුට පමණි.
තතු එසේව වුවද මීගමුව තුල මේ නිතිය ක්‍රියාත්මක නොවේ.
නගර සභාවේ එක් නිළධාරිණියක් විසින් දැනට භාවිතා කරනු ලබන කැබ් රථයක රියදුරාගෙන් වරක් අප විමසා සිටියේ නිළරාජකාරි වලට අමතර පුද්ගලික අවශ්‍යතාවයන් සදහා ඔහු විසින් පදවනු ලබන කැබ් රථය යොදාගනු ලබන්නේද යන්නයි.
ඒ අවස්ථාවේ ඔහු නැතැයි කිවද ඇත්තට සිදුවන්නේ වෙනත් එකකි.
මේ සටහන තැබෙන  දිනයේ (2017/01/27) දවල් මේ රියදුරා විසින් ඔහු පදවන නගර සභා කැබ් රථයෙන් මීගමුව හරිස්චන්ද්‍ර විදුහලට ගොස් තිබුනේ පාසැල ඇරුන පසු දරුවන් රැගෙන යාම සදහාය.මෙයට අමතරව තවත් අය සදහා දරුවන් පාසැල් ගෙනයාම් එම් සමබන්ධයෙන් දැනටමත් බරපතල චෝදනා රැසක් මතුව තිබේ.
මේවා එක්තරා ආකාරයට කිසියම් මානුෂික කාරණා යැයි විටක සිතන්නට පුලුවන.නමුත් ගැටළුව  වි ඇත්තේ මීගමුව මහනගර සභාවේ දැන් පරිපාලනය නිළධාරින් සුළු පිරිසකට අවැසි අයුරින් ක්‍රියාත්මක වෙමින් තිබිමය.නිලධාරින් ගේ අවැසිතා මේ රියදුරන් විසින් ඉටු කරද්දි පෙරළා රියදුරන්ද තමන්ගේ පුදග්ලික අවැසිතා සදහා මේ වාහන යොදා ගනි.මේ හේතුව නිසා ධාවන සටහන් සැකැසිම කරනු ලබන්නේද මේ රියදුරන් විසින් නම් අපට මේ නගර සභාවේ තත්වය ඉතා හොදින් තේරුම්ගත හැක. මේ අවභාවිතාවන් සම්බන්ධයෙන් කරුණු විමසීමද මාධ්‍යයට අකැප යැයි ඔවුන් සිතති.
මේ පසුබිම යටතේ මීගමුවේ පරිපාලන අධිකාරියේ  ඇතැම් ලොක්කන් කටයුතු කරන්නේ තමන් ජනාධිපති ටත්  එහා යැයි සිතමිනි.
මහජනයාගේ මුදලින් දුරකථන නඩත්තු කරන මේ ලොක්කන්ට මාධ්‍යවලට පිළිතුරු දෙන්නට බැහැ යැයි කියන්නේ කෙසේද යන්න ප්‍රශ්ණයකි.එසේ කියන්නට ඔවුන්ට අයිතියක් ලබා දි ඇත්තෙ කව්ද?
මාධ්‍යවේදින් 44 දෙනෙකුගේ ජිවිත පුජාකිරිම් හරහා ඒකාධිපති රාජපක්ෂ රෙජිමය පලවා හැරියේ මීගමුවේ සිටිනවා  වැනි අධිකාරිවාදි නිළධාරින් මගින් අපගේ වෘත්තිය ගරුත්වයට හානිකරගන්නට නොවන බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ.
අපට පිළිතුරු දෙන්නට බැහැයි කියන මීගමුව නගර සභාවේ පරිපාලන අධිකාරියේ සියළු වංචා දුෂණ රාජ්‍ය දේපල අවභාවිතය අප දිනපතාම හෙළිදරව් කරන්නේ එය අපේ ශුද්ධවු අයිතියක් හැටියට සලකාය.
මාධ්‍යයට පිළිතුරු දෙන්නට බැරි උඩගු නිළධාරින් මාධ්‍යවේදින්ගේ විමසිම් වලට පිළිතුරු දිය නොහැකි බව කියා සිටින්නේ නම්  අපගේ ඒකාපාර්ශවිය පුවත් සහ විග්‍රයන් සදහාද අපට අයිතියක් ඇති බව මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article