spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දරුවන් සඳහා කැල්ටන් සමූහ ව්‍යාපාරයෙන් දෙවන වරටත් කේක් පුහුණු වැඩසටහනක්

Must read

IMG-20190915-WA0032IMG-20190915-WA0031IMG-20190915-WA0029මීගමුව කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් දේශීයත්වය රැක ගනිමින් පිරිසිදු සහ ගුණයෙන් යුතු ආහාර වර්ග හඳුන්වා දෙති. ඒ මත පදනම් වෙමින් විවිධ වැඩසටහන් ද සංවිධානය කරති.IMG-20190915-WA0027IMG-20190915-WA0028 මේ අනුව කැල්ටන් කාර්‍යමණ්ඩලය දෙවන වරටත් දරුවන් සඳහා කේක් පුහුණු වැඩ සටහනක් අද දින සූදානම් කරන ලදී .
කුඩා සූපවේදීන් ලෙසින් සැරසී අති දක්ෂ සූපවේදීන් 6 දෙනෙකුගේ උපදෙස් මත මෙම දරුවන් මෙකී කාර්‍යට දායක විය . මෙය වෙනස්ම අත්දැකීමකි.IMG-20190915-WA0025IMG-20190915-WA0024IMG-20190915-WA0026IMG-20190915-WA0023
ප්‍රවීන සූපවේදී පිලිප් බණ්ඩාර සහ සහායක සූපවේදී රාමන් යන මහත්වරුන් මෙම වැඩ සටහන සාර්ථකව මෙහෙයවන ලදී . බටර් කේක් , බටර් අයිසින් කේක් , චොකලට් අයිසින් කේක් යන වර්ග තුන හදාගැනීමට අවශ්‍ය දැනුම මෙහිදී සරලව ලබාදුනි. මේ සඳහා වසර 5ත් 12 ත් අතර දරුවන් තෝරාගෙන තිබින මෙම අවස්ථාව ගැන සූපවේදීන් , කාර්‍යමණ්ඩලය සහ දෙමව්පියන්ගේ අදහස් ඉදිරිපත් වූ අතර ඔවුන් ප්‍රකාශකළේ මෙවැනි වැඩසටහන් වෙන තැනකින් නොලැබෙන බවත් , ඒනිසා මෙය දරුවන්ට කදිම අවස්ථාවක් බවයි.
මේ සඳහා කලමනාකරණ අධ්‍යක්ෂක රොෂාන් ද සිල්වා මහතා , අලෙවි කලමනාකරු වන ටෙරන්ස් පෙඩ්‍රික් මහතා ,සාමාන්‍යාධිකාරී ජයතිස්ස සිල්වා මහතා ,මානව සම්පත් විධායිකා චාමිණී මධුෂිකා ඇතුළු කාර්‍යමණ්ඩලයේ සියළු දෙනා මහත් කැපකිරීමකින් කටයුතු කරන ලදී .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article