රාජ්‍ය පාලනය තුල අවුලක් පවතින බව ජනතාව සිතනවාද?
මම චන්දයට කලින් NPP ය චන්දය ගන්න දේශපාලන tactics 3 ක් ගැන කිව්වා.
ප්‍රතිපල කියන්නෙ ඒවා වැඩ කරලා නැහැයි කියලයි.
බංකොලොත්වු රටක දේශපාලනය කියන්නේ වෙනත් දෙයක් කියලා දැන්වත් තේරුම් ගත යුතුව තිබේ.
මේ බව ප්‍රධාන විපක්ෂයද තේරුම් ගත යුතුය.
අවශ්‍ය නම් මේ සදහා ග්‍රීසියෙන් ඉගෙනගත හැක.
ග්‍රීසියේ Syriza පක්ෂයට අත්වු දේශපාලන ඉරනම වර්ථමානයේ රටේ බලයට පැමිනි ජාතික ජනබලවේගයටත් අත්වෙනු ඇතිද යන ප්‍රශනය මෙවර පලාත් චන්ද ප්‍රතිපල අප හමුවට අභිමුඛ කොට තිබේ.
ග්‍රීසියේ Syriza පක්ෂයේ දේශපාලනය ගත්විට බොහෝ දුරට ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණට සමාන වන වාමාංශික උරුවක් සහ රැඩිකල් දේශපාලන ක්‍රියාකාරීත්වයකට උරුමකම් කියු පක්ෂයක් විය.
නමුත් Syriza පක්ෂය විසින් පිහිටවනු ලැබු රජය ග්‍රීක ආර්ථික අරබුදය හමුවේ ගනු ලැබු ප්‍රවිශ්ඨය වුයේ වර්ථමානයේ පෙරටුගාමී පක්ෂය දරන ආස්තානයට සමාන ස්තාවරයකි.
කෙසේ නමුත් සිරිසා රජය ග්‍රීසියේ අස්තාවරත්වය තවදුරටත් තීව්ර කල නිසා අවසානයේදී ග්‍රීක ජනතාව සිරිසා රජය බලයෙන් පහ කරනු ලැබුයේය.
නමුත් අනුර ජනාධිපති ප්‍රමුඛ මාලිමා රජය සිරිසා රජය මෙන් මේතාක් ක්‍රියාකොට නැති බව පැහැදිලිය. අනුර කීවේ තමන් ක්‍රියා කරන්නේ IMF පරිවාසය තුල බවය. එසේම මීට පෙර ජනාධිපති රනිල් අනුගමනය කරනු ලැබූ දේශපාලන ආර්ථික මුලෝපායන් කිසිදු වෙනසකින් තොරව අනුගමනය කරනු ලබන බවද විද්‍යාමානවී තිබුනි.
නමුත් රටේ බහුතරයක් වු තත්‍ය තාක්ෂනික මධ්‍යම පංතිය තම චන්දය භාවිතා කර තිබෙන ආකාරයෙන් පෙනී යන්නේ ඔවුන්ගේ පරිකල්පනයට Anurism ඇතුලුවී නොමැති බවය.
රටේ ජනගහනයෙන් 40% ක් චන්දපොලට ගියේ නැත. ඒ අතර මධ්‍යම පංතිය ප්‍රමුඛය.
එසේම මාලිමාව සිංහල ප්‍රදේශවලදී දිනා ගන්නා ලද මුළු සභා අතරින් ආයතන 268 ක් ජයගෙන ඇති නමුත් ඒ අතරින් 188 ක මාලිමාව ජයග්‍රහනය කලද ඒවාට ප්‍රකාෂ කල චන්ද සංඛ්‍යාවෙන් 50% ක චන්දයක් ලබා ගන්නට නොහැකිවී තිබේ.
එයින් කියැවෙන්නේ ආයතන 188 ක මාලිමාව බලය ලබා ගන්නේ 30% කට අඩු ජන මතයක් නියෝජනය කරමිනි.
කෙසේ නමුත් මාලිමාව ආයතන 69 කදී 50% ඉක්මවා ගොස් තිබේ. නමුත් එයද සමාන වන්නේ ජනමතයෙන් 30% ක චන්දයකටය. මේ ආකාරයට 50% ඉක්මවු ආයතන වැඩිපුර දක්නට ලැබු දිස්ත්‍රික්ක අතර ඉදිරියෙන්ම සිටින්නේ පොලොන්නරුවයි.
එසේම මාතර, අනුරාධපුරය ඒ අතර කැපී පෙනේ. නාගරික දිස්ත්‍රික්ක වන ගම්පහදී මාලිමාව එසේ සාපේක්ෂ බහුතරයක් ලැබෙන විට කොළඹ ඒ අතර සම සමව පිහිටයි. කොළඹ බෙදීම 6:6 අනුපාතයටය.
ඒ අනුව බලන කල ග්‍රාමීයවද නාගරිකවද මාලිමාවේ ජනමතය පහලට මාස 06 ක් තුල පහලට වැටීම ගැඹුරින් විමසා බැලිය යුතුව තිබේ.
මාලිමාවේ දේශපාලන කේන්ද්‍රය වන්නේ අනුර සහ Anyrismය.
ජනමතය කියන්නේ Anurism පිලිබදව කුකුසක් ජනතාව අතර ඇතිවී තිබෙන බවය.
මාගේ මතය කුකුස ඇතිවී තිබෙන්නේ ආර්ථික අරබුදයට ගෙන එන අනුරගේ විසදුම පිලිබදවය.
ඒ බව මධ්‍යම පංතිය ප්‍රමුඛ පුළුල් ජන කන්ඩායමක් විසින් තම මතය දැන් පිළිඹිබු කොට තිබේ.
එයින් කියවෙන්නේ අනුර ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දේශපාලනයක් කරන බවට බහුතර ජනතාවක් විශ්වාස නොකරන බවය.
ඇත්තටම අනුර උත්සාහ කලේ තම පුර්වජයන් වු සෝමවංශ අමරසිංහ හා රෝහන විජේවීර කලින් අනුගමනය කල සිංහල බෞද්ධයා උත්තේජනය කරමින් තමන්ගේ ආවෙනික දුර්වලතා මගහැර ගන්නටය.
නමුත් ඒ තුරුම්පුව මෙවරදී වැඩ නොකල බව පෙනේ.
එසේම ගාලුමුවදොර පිරවීමෙන් ද ජනතාව තුල ආශ්වාදයක් ජනිත කල බවක් පෙනෙන්ට නැත.
විජිත ඇමති කියා තිබු ආකාරයට ගෙදර යමන් හොරු අල්ලන රජයේ ප්‍රවිශ්ඨයද ආකර්ශනීය නොවන බව පෙනෙන්නට තිබේ.
දැන් අනුර සිදුකල යුත්තේ නැවත drawing board වෙත යාම නොවේද?
(ශිරාල් ලක්තිලකගේ ෆේස්බුක් පිටුවෙනි)