spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දියහොඳ ඇල ගොඩකරමින් මේ නිවස හදන්න අවසර දුන්න ලොක්කෝ කව්ද ?

Must read

දියහොඳ ඇල ගොඩකරමින්  2019 වසරේ අග භාගයේදි   ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලක් ගැන අප මිපුර වෙබ් අඩවිය තුලින් අවස්ථා කිපයකදිම  හෙළිදරව් කළෙමු.

අදාල පුද්ගලයා නිට්ටඹුව ප්‍රදේශයේ අයෙකු බවත් මේ නිවස ඉදිකරන්නේ යළිත් විකිණිමට බවත් අපගේ පුවතට ප්‍රතිචාර දැක්වු ඇතැම් පාඨකන් විසින් එදා අප වෙත කියා සිටියේය.

මේ අතර අද එහි ගිය ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරිය අදාල තැනැත්තාට මේ කර ඇති නීතිවිරෝධි කටයුත්ත පිළිබදව සිය විරෝධය පළකර තිබුණ බවද අප කළ විමසිම් වලට ප්‍රතිචාර දක්වමින් කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් අප කළවිමසුමකදි ග්‍රාම නිළධාරිවරිය කියා තිබුනේ මේ ඉදිකිරිම සදහා නගර සභාවෙන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන ඇති බව අදාල පුද්ගලයා කියා සිටි බවය.
පසුව ග්‍රාම නිළධාරිවරිය ඒ අවසරය පෙන්වන්නට යැයි කි විට එසේ පෙන්වන්නට ඔහුට හැකිවි නැත.දිය හොද ඇල 2
මින් එකක් පැහැදිලිය මේසා බරපතල නීතිවිරෝධි වැඩක් කිරිමට බයක් නැතිව මේ ව්‍යාපාරිකයා පෙළඹි ඇත්තේ කාගේ හෝ දේශපාලන හයියක් මත බවය.,

ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම විශාල මුදලක් ගෙවා ඇතැයි අනුමාන කළ හැක්කේ කිසිදු බියකින් තොරව විශාල මුදලක්ද යටකර දැනටමත් විශාල ප්‍රදේශයක් ගොඩකරමින් නිවාසය තැනිමට කටයුතු යොදා තිබිම නිසාය.
කෙසේ වෙතත් අපට කරුණු දක්වා සිටි ග්‍රාමනිළධාරිය  2019 සැප්තැම්බර් මාසයේදි අවධාරණය කර සිටියේ ප්‍රාදේශිය ලේකම්වරයාටද දැනුම් දි , පොලිසියද කැදවාගෙන විත් අවැසි නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවය.

කෙසේ වෙතත් මේ නිවස දැන් වෙනත් පාර්ශවයකට විකුණා හමාරය. ඉතා පැහැදිලි ලෙසින් රජයේ ලොක්කන් කිපදෙනකු විසින්ම අතදිගහැර ජාරාව කමින් කර ඇති මේ මහා පරිසර විනාශය ගැන අදාල කලාපයේ ප්‍රධාන පෙලේ රාජ්‍ය නිලධාරින් ලැජ්ජා විය යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article