දුන්ගාල්පිටියේත් වෙඩි තැබිමක් .?

0
604

මීගමුව, දුන්ගල්පිටිය ප්‍රදේශයේ දී අණ නොතකා පළා යාම හේතුවෙන් පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තාවේ

IMG 20250703 WA0071අද උදෑසන සිදු වූ කඳාන වෙඩි තැබීමට සිද්ධියට අදාළව දියත්
කෙරුණු විශේෂ පොලිස් මෙහෙයුමකදී අණ නොතකා ධාවනය කළ Dio වර්ගයෙ යතුරු පැදියක් පිටුපස පොලිසිය හඹා යාමේදී මීගමුව දුව පාතිමා පාරේදී, යතුරු පැදිය ලොරි රථයක ගැටී ඇත. මෙහිදී එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ,අනිත් පුද්ගලයා යතුරු පැදියෙන් පැන පලා යද්දී පොලිසිය ඔහු පසුපස හඹා ගොස් ඔහුට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් බරපල තුවාල්ලත් එම පුද්ගලයා මීගමුව රෝහල වෙත ඇතුළත් කර තිබේ. මෙලෙස වෙඩි වැදීමෙන් රෝහල් ගත කරඇත්තේ 405/කඳ සුරිඳුගම අක්කර 50 කටාන ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ ඇන්ටන් ලක්ෂමන් 30 හැවිරිදි පුද්ගලයෙකි
මොවුන් ළඟ තිබී ව්‍යාජ ගිනි අවියක්ද සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දුංගල්පිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මේ අතර අද පෙරවරුවේ කදාන පොලිසිය ඉදිරිපිට සිදුකර තිබුන වෙඩි තැබිමකින් එක පුද්ගලයෙකු මිය ගොස් තිබුනි..තුවාල ලැබ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සමිර නැමැත්තා මංගල සමරවිරගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙසින්ද සේවය කර ඇතැයිද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here