spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දෙරණ අරුණට මල් මිටක්!

Must read

chathuraදෙරණ රූපවාහිනී නාලිකාව විසින් ප්‍රචාරය කරන ‍’දෙරණ අරුණ’ වැඩසටහන ඔස්සේ වෙබ් ජනමාධ්‍යවල පළ වන පුවත් ජනතාව අතරට ගෙනයෑම පිළිබදව ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය ප්‍රශංසාව පළ කරයි.

මෙම වැඩසටහන හා එය මෙහෙයවන මාධ්‍යවේදී චතුර අල්විස් ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත පසුගියදා මඩ ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර,
ඒ හේතුවෙන් එම වැඩසටහන පිළිබදව මාධ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව පොදු ජනතාව අතරද වැඩිපුර අවධානයට ලක් විය.

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ලේකම් කැළුම් ශිවන්ත විසින් දෙරණ රූපවාහිනියේ සභාපතිවරයාට යවන ලද ලිපිය ‍පහතින් පළ වේ.

ලක්සිරි වික්‍රමගේ මහතා
සභාපති,
දෙරණ රූපවාහිනී නාලිකාව.

හිතවත් මහත්මයාණෙනි,

‘දෙරණ අරුණ’ට මල් මිටක්

දෙරණ නාලිකාවේ ‘දෙරණට අරුණ’ වැඩ සටහන ඔස්සේ වෙබ් අඩවිවල ඇති පුවත් ගෙනහැර දක්වා ජනතාව දැනුවත් කරමින් වෙබ් මාධ්‍ය හා වෙබ් මාධ්‍යවේදීන් දිරිගැන්වීම සම්බන්ධයෙන් ‘දෙරණ’ නාලිකාවට හා ඔබතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ සංවිධානයේ ගෞරව පූර්වක ස්තූතිය පළමුකොට පුදකර සිටිමු.

අදාළ වැඩසටහන මෙහෙයවන සහෝදර මාධ්‍යවේදී චතුර අල්විස් මහතාට ද අප සංවිධානයේ ගෞරවනීය ආචාරය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

බොහෝ මාධ්‍ය වෙබ් අඩවිවල පළවන පුවත් සඳහා නිසි ඇගයීමක් ලබා නොදෙන සමයක, ‘දෙරණට අරුණ’ වැඩ සටහන ඔස්සේ ඔබ ආයතනය විසින් සිදුකරන ලද නැවුම් අත්හදා බැලීම වෙබ් මාධ්‍යවේදීන් දිරි ගැන්වීමට ප්‍රබල පිටුවහලක් වී ඇත.

හුදු ලාභ අපේක්ෂාවකින් තොරව ඔබ නාලිකාව විසින් වෙබ් අඩවිවලට ලබාදුන් එම ප්‍රචාරය අතිශයින් පැසසුම් කටයුතුය. අගය කළ යුතු ය.

ඔබ නාලිකාව මෙහෙයවන සමාගමට අයත් වෙබ් අඩවියක් තිබියදී ද පසුගිය කාලයේදී ඔබ නාලිකාවෙන් අනෙකුත් වෙබ් අඩවිවල පුවත් සඳහා ද සම සම අවස්ථාවක් ලබාදීම ඔබ නාලිකාව හා එහි හිමිකරුවන් වෙළෙඳ අරමුණු වලට එහා යමින් ගුණාත්මක මාධ්‍ය භාවිතයක නිරතවූ අවස්ථාවක් බව අප තරයේ විශ්වාස කරන්නෙමු.

ග්‍රාහකයින්ගේ දැනුම හා අවබෝධය පුළුල් කරමින්, ඒ සඳහා තව තවත් නවාංග එකත් කරමින් තවදුරටත් ඉදිරි කටයුතු සාර්ථකව කරගෙනයාමට ඔබටත්, ඔබ ආයතනයටත් ධෛර්ය හා ශක්තිය ලැබේවායි අප එක සිතින්ම ප්‍රාර්ථනය කරන්නෙමු.

ස්තූතියි,

මෙයට විශ්වාසි වූ,

කැලුම් ශිවන්ත
ලේකම්
ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article