spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශපාලකයන්ට ආවඩන මිගමුවේ දූෂිත නිලධාරින් ගැන ජනපතිට කියමු !

Must read

NGB MCමැතිවරණ සටන් දැන්මම ඇරඹි තිබේ. දේශපාලකයන් යහමින් මහජන දේපල අයථා ලෙසින් යොදා ගනිමින් සිදුකරන ලද දේශපාලන ව්‍යාපෘති අද සිට තවත් තීව්ර කරනු  ඇත.
එවන් දේශපාලකයන්ට ආවඩන වැඩිම දුෂිත නිලධාරින් පිරිසක් සිටින නගරය ඇතැම් විට මිගමුව වනවාටද සැක නැත.
මීගමුවේ වැඩිම දුෂිත නිලධාරින් සිටින ආයතනය ලෙස මීගමුව මහනගර සභාව දැන් කප් ගසා හමාරය.
එහි නාගරික කොමසාරිස්වරිය දැනටමත් බරපතල චෝදනා රැසකට ලක්ව සිටි.
මරණයකට ආධාර ලෙසින් රු 5000 ක් දි ගන්නට බැරි මුල්‍ය අර්බුදයක නගර සභාව තිබියදි දේශපාලකයන්ට ක්‍රිඩා භාණ්ඩද ඇතුලු තවත් දැ  ගැනිමට මිලියන ගණන් මහජන මුදල් වැය කිරිමට පුර්ණ සහය ලබාදේ.
අම්පාරේ සිට පැමිණ තාක්ෂණික නිලධාරියෙකු දැනට දශක ගණනාවක් පුරා දේශපාලකයන්ට ආවඩමින් දැන් කෝටිපතියෙකු ලෙස හැසිරෙයි. ඔහුගේ බිරිදට රියදුරන් සපයා ගන්නේද නගර සභාවෙනි.
මැතිවරණය හරහා දැවැන්ත දේශපාලණිකරණයක් රාජ්‍ය ආයතන හරහා සිදුවිමට නියමිතව තිබේ.
ජනපති විසින් ඊයේ කරන්නට යෙදුන ප්‍රකාශය වැදගත් වන්නේ මෙවන් පසුබිමකදිය.නිළධාරින් මැතිවරණ සමය තුලදි ස්වාධින විය යුතු බවත් දේශපාලන කටයුතුවලින් බැහැර විය යුතු බවත් ජනපතිගේ ප්‍රකාශය තුල අන්තර්ගතය.
එය හුදු ජනප්‍රිය දේශපාලන ප්‍රචාරක නිචේදනයක් විය හැකි වුවද ඒ තුලින් මේ දුෂිත නිලධාරින් හෙළිදරව් කිරිමට හැකි උපරිම ඉඩකඩ පුරවැසියන් විසින් ලබාගත යුතුව තිබේ.
ඒ සියළු දුෂිතයන් ගැන පැමිණිලි කිරිම ආරම්භ කළ යුතුව තිබේ.NGB hospital
මහ නගර සභාව පමණක් නොව මිගමුව රෝහල තුලට දේශපාලන බලපුලුවන්කාරකම් කැදවාගෙන ඒමට සැරසෙන ඇතැම් වෛද්‍යවරුන් ගැන අප දනිමු.
මීගමුව රෝහලද පාලනය වන්නේ රටේ පිළිගත් ආයතනික ව්‍යුහයක් යටතේ වුවද ඒ ආයතනික ව්‍යහුයටද බලපැම් කරමින් කටයුතු කරන්නට ඇතැම් වෛද්‍යවරුන් සිය දේශපාලන සම්බන්ධකම් යොදාගනිමින් සිටි.
ඒ සම්බන්ධකම් ඔස්සේ ඔවුන් රෝහල් පද්ධතියේ කුමාරවරුන් වන්නට සැරසෙමින් සිටින බැව් පෙනේ.
තරාතිරම නොබලා මේ කුමාරවරුන් පාලනය කිරිමටද මිගමුවේ උගත් බුද්ධිමත් පුරවැසියන් හට විශාල වගකිමක් පැවරි තිබේ.අපට අවැසි වන්නේ මිගමුවේ ජනයාට උපරිම සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි රෝහලක් මිස කුමාරවරුන්ගේ ඕනැඑපාකම් සලසාලන තැනක් නම් නොවේ.
එවන් කුමාරවරුන්ට එරෙහිව එදත් අදත් හෙටත් මීපුර අවදියෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article