spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශපාලන මැරයෝ මාධ්‍යවේදින්ට පහර දෙති ! යහපාලනය නිහඬ ඇයි ?

Must read

13659118_978580042240700_3792223516848729115_n

මාස එකාමාරක් ඇතුළත මාධ්‍යවේදින් දෙදෙනෙකු පහර කෑමට ලක්ව තිබේ.
ඒ 2016 ජුනි 02 වනදා මීගමුෙව්දි  ප්‍රෙඩී ගමගේ සහ 2016 ජුලි 12 වනදා ගාල්ල නෙළුව ප්‍රදේශයේදි ‘සත්හඬ’ මාධ්‍යවේදි දයා නෙත්තසිංහය.
මේ ප්‍රහාරයන් හි පසුබිමේ සිටින්නේ දේශපාලන මැරයන්ය.ඔවුන් සියල්ල හැදි වැඩුනේ රාජපක්ෂ රෙජිමයේ සෙවන යටතේය.
උණුපුරුකේ දැම්මද බලුවලිගේ ඇදය නොයන්නේ යැයි කියන කථාව සනාථ කරමින් දැන් මේ මැරයෝ රාජපක්ෂ පාලන සමයේ සෙවනැලි යළිකැදවාගෙන එන්නටපටන් ගෙන තිබේ.
මින් කියැවෙන එක පැහැදිලි සත්‍යයක් තිබේ. එනම් රාජපක්ෂ මැර සංසස්කෘතිය යළිත් මාධ්‍යවේදින් දඩයම් කිරිමට පටන් ගෙන ඇති බවය.
එහෙත් ගැටලුව වන්නේ එය ලත්තැනම ලොප් කිරිමට යහපාලන රජය පියවර නොගැනිමය.
මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ ට එල්ල කළ ප්‍රහාරය පිළිබදව නඩුව ඊයේ දිනයේ මීගමුව මහේස්ත්‍රාත් උසාවියේදි පැවැති අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා කියා සිටියේ විමර්ශන කටයුතු මීගමුව පොලිසිය විසින් සිදුකරගෙන යන ආකාරය ගැන අධිකරණයට කිසිදු පැහැදිමක් නැති බවය.
දැන් අප බලා සිටින්නේ නෙළුව පොලිසිය විසින් ඊයේ දිනයේ ලබාදුන් පොරොන්දුව පිළිබදවය.
දයා නෙත්තසිංහට පහරදුන් මැරයන් අද දිනයේ කෙසේ හෝ අත්අඩංගුවට ගන්නේ යැයි ඊයේ දිනයේ ඔවුන් විසින් පොරොන්දුවක් දි තිබුණි.
මාධ්‍යවේදි දයා නෙත්තසිංහ මාර ප්‍රහාරයකට ලක්වන්නේ කුඩා විදුලි බලාගාරවලින් සිදුවිය හැකි පාරිසරික හානිය පහදා දීමට ගිය මාධ්‍යවේදියකු ලෙසින් සිදුකරන ලද කරුණු පැහැදිලි කිරිමේ රැස්විමකදිය.
හිටපු අමාත්‍ය පියසේන ගමගේ ගේ  දේශපාලන ආධාරකරුවන් පිරිසක් 12 අඟහරුවාදා දහවල් තමන්ට පහරදුන් බව ‘සත්හඬ’ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ පොලිසියට පැමිණිලි කරමින් කියා ඇත.

ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම වන සංරක්ෂණ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව නවත්වා තිබෙන අතර ඒ සම්බන්ධ සාකච්ඡාවක් අද දිනයේ‍ෙ දෙල්වල නාථාරාම විහාරස්ථානයේ දී පවත්වා තිබේ.

පහරදීම සිදුවන අවස්ථාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් , නෙළුව ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ නිලදාරීන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිලධාරීන්ද සහ  භික්ෂුන් වහන්සේ දෙනමක්ද එම ස්ථානයේ සිටි බව දයා නෙත්තසිංහ පවසයි.

හිටපු ඇමැතිගේ උත්සාහය

දැනට තාවකාලිකව නවතා දමා තිබෙන කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට හිටපු අමාත්‍ය පියසේන ගමගේ උත්සාහයක නිරතව සිටින බව දයා නෙත්තසිංහගේ චෝදනාවකි.

කෙසේ නමුත්  එම අවස්ථාවේ දී හිටපු අමාත්‍ය  පියසේන ගමග එම ස්ථානයේ නොසිටි බවයි පරිසරවේදියකු මෙන්ම සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකද වන දයා නෙත්තසිංහ ගගන හා කියා සිටියේ.

තමන්ට එල්ල වු ප්‍රහාරය හේතුවෙන් එක් කනක ඇසීමේ ප්‍රශ්නයක් පවා ඇති වී තිබෙන බව කී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් නෙලුව පොලිස්ථානය වෙත පැම්ණිල්ලක් ඉදිරිපත් කර ඇත.

(ගගන වෙබ් අඩවිය ඇසුරෙනි )

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article