spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දොස්තර විජේලත් කියපු හින්ද මිගමු රෝහලේ කුණු අදින්න ගිය නගරාධිපති !

Must read

Dr,wejelath(10.00 am )මීගමුව මහ රෝහලේ සැලසුම් අංශ ප්‍රධානී වෛද්‍ය N.K.විජයලත් මහතා මාගෙන් කළ ඉල්ලීමකට අනුව රෝහල් අධ්‍යයක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර ඩේවිඩ් මහතා හා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඇතුළු රෝහල් කාර්යමණ්ඩල නිලධාරින් සමග රෝහලේ කසළ කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වූ අතර එම වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩල නිලධාරින් සමග රෝහල් පරීශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්ව පවතින ගැටළු නිරීක්ෂණය කරන ලදී.එමෙන්ම මීට සමගාමීව නගර සභා සේවකයන් යොදවා අද “දවසකට එක වැඩක් + Plus ” වැඩසටහන යටතේ රෝහල් පරීශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක්ද ක්‍රියාත්මකයි.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
(උපුටා ගැනිම මුහුණු පොතෙනි )dayan at Hospital1

නගරයක   කුණු කසල ඉවත් කිරිම පළාත් පාලන ආයනයක ප්‍රධාන වගකිමකි. ඒ කටයුත්ත මෙහෙයවිම සදහා විධිමත් සැලැස්මක් සහ ආයතනික ව්‍යුහයන් සැකසි තිබේන අතර ඒවායේ වගකිම් භාර ගැනිම විවිධ නිළතල යටතේ බෙදි පවති.
තතු මෙසේව තිබියදි මීගමුවේ පමණක් නගරාධිපතිවරයා කුණු අදින සේවකයන්ගේ සුපවයිසර් වි ඇත.
ඒ නිසාම කුණු සහ කාණු කොතනද නගරාධිපති එතනය.නගාරාධිපතිවරයෙකු විසින් කළ යුතුව ඇත්තේ අදාල කටයුතු වඩාත් විධිමත්ව නවින ආකාරයෙන් කිරිම සදහා අදාල වගකිවයුතු නිළධාරින් මෙහෙවිම වුවද මිගමුවේදි සිදුවන්නේ විදි විදුලි බුබුළු මාරුකරන එකද පරික්ෂා කිරිම සදහා නගරාධිපති එතනට ගොස් ලයිට් කණු ලග ලැග සිටිමය.
මීගමුව රෝහලේ කුණු ඉවත් කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සැමවිටම මහත් උජාරුවෙන් කිවේ  මීගමුව මහ රෝහලේ සැලසුම් අංශ ප්‍රධානී වෛද්‍ය N.K.විජයලත් මහතාය.
ඔහුට අනුව මිගමුවෙ රෝහලේ කුණු ඉවත් කිරිම ගැන ඔහු කප් ගැසුවෙකි.
ඒ ගැන විධිමත් සැලැස්මක් ඇතැයි මාධ්‍යවේදින් හමුවේ අවස්ථා ගණනාවකදි පෙන්වා දි ඇත.මේ අනුව නගරාධිපතිවරයාව කැදවා යළිත් සාකච්ජා කරන්නට දෙයක් තිබිය නොහැකිය. එසේ වන්නේ නම් එය වෛද්‍ය විජේලත් මහතාත් වගකිව යුතු ගැටලුවක් විය යුතුය.
තතු එසේ වුවද දැන් රොහලේ කුණු අර්බුදයක්  මතුව ඇතිවා සේය.
.මීගමුව මහ රෝහලේ සැලසුම් අංශ ප්‍රධානී වෛද්‍ය N.K.විජයලත් මහතා මීගමුව රෝහලේ කුණු අදින වැඩේ ගැන කථා කරන්න නගරාධිපතිව විශේෂයෙන්ම කැදවා තිබෙන්නේ ඒ අනුව විය යුතුය.
මේ සදහා රෝහලේ අධ්‍යක්ෂක පමණක් නොව මිගමුව රෝහලට දැන් කිසිදු නිළ සම්බන්ධයක් නැති ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතාවද කැදවා ඇත.ඇත්තට ඔහුට නිළ වශයෙන් සමබන්ධව සිටින්නේ ගම්පහ රෝහලට අනුයුක්තවය. (වෛද්‍ය ලක්කුමාරව කැදවා කළ යුතු ප්‍රධාන සාකච්ජාවක් තිබේ.හැබැයි ඒ කුණු ගැන නොවේ. ඔහු විසින් රු කෝටි ගණන වැය කරමින් ජනතාව තවමත් අපහසුවට පත්කරන රෝහල් ගොඩනැගිලි පිළිබද ප්‍රශ්ණය කථා කිරිමටය අප ඒ ගැන වෙනනම ලියන්නෙමු )
එසේ නම් මෙය තවත් මාධ්‍ය සංදර්ශනයක් නොවේද ?
මේ සංදර්ශණයේ අධ්‍යක්ෂක කව්දැයි දැන් රෝහලේ හැමදෙනාම දනි.
මින් කියැවෙන්නේ කුමක්ද ?
අප ඒ ගැන කිසිවක්  නොලියන්නේ මින් කියැවෙන්නේ කුමක්ද යන්න බොහො දෙනෙකුට වැටහෙන නිසාත් වෛද්‍ය විජේලත් ගැන දන්නා අයට මෙය වඩාත් හොදින් වැටහෙන නිසාත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article