spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු චරිතාපදානය එලි දැක්වේ.

Must read

මීගමුවෙන් බිහි වූ දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ කෘතහස්ත වාම දේශපාලඥයෙකු වූ සම සමාජ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මහතාගේ චරිතාපදාන ග්‍රන්ථය පසුගියදා එලි දැක්විණි.

මීගමුවේ සම සමාජ පක්ෂයේ සමාජිකයෙකු වූ මයිකල් කරුණානායක මහතා විසින් මෙම චරිතාපදානය රචනා කර තිබේ. පසුගිය ඔක්තෝබර් 28 වැනි ඉරු දින මීගමුව, කුරණ ලැගූන් වීව් හිදී පැවැති ලංකා සම සමාජ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සුහද හමුවට සමගාමීව මෙම චරිතාපදාන ග්‍රන්ථය එලි දැක්වීම සිදු විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ලංකා සම සමාජ පක්ෂයේ නායක, ජේ්‍යෂ්ඨ අමාත්‍ය මහාචාර්්‍ය තිස්ස විතාරණ මහතායි.

පෞද්ගලික සුඛ විහරණය ගැන පමනක් සිතා කටයුතු කරන වර්තමාන දේශපාලකයන්ට කදිම ආදර්ශයක් සපයන දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මහතා සම සමාජ දේශපාලන දර්ශනය තුල පීඩිත ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම මීගමුවේ දිවි ගෙවන ධීවරයන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල ප්‍රබල හඩක් නැන් වූ ජනතා නායකයෙකි.

මිය ගොස් වසර 36 ක් ගෙවුණු පසුව හෝ මීගමුවෙන් බිහිවු මෙවැනි ජන හිතකාමී දේශපාලන නායකයෙකු පිලිබදව වර්තමාන තරුණ පරපුරට යම් අවබෝධයක් ලබා දීමට මෙම ග්‍රන්ථය රචනා කල බව මෙහි කතෘ පවසයි.

මෙම ග්‍රන්ථයේ හැදින්වීම ඔස්ටින් බියන්වල මහතා විසින් රචනා කර ඇති අතර පෙර වදන රචනා කර ඇත්තේ සරත් මීපුර මහතා විසිනි. මෙම ග්‍රන්ථය අධික්ෂනය, කවර නිර්මාණය සහ මුද්‍රණය සිදු කර ඇත්තේ මීගමුව සංඛ ප්‍රින්ටර්ස් ඇන්ඞ් පබිලිෂර්ස් ආයතනය මගිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article