spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය තවත් 100කින් වැඩිකරයි

Must read

ඉන්ධන මිල වැඩිකිරීම සහ පසුව ධීවරයින් වෙත ලබා දුන් ඉන්ධන සහනාධාරයේ පවතින ගැටඵ පිලිබදවත් සාකච්ඡාවට ලක් කෙරෙන විශේෂ රැස්වීමක් පසුගියේ. මාර්තු මස 02 වැනි දින ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මීගමුව, හලාවත ඇතුඵ ධීවර සංගම් ප‍්‍රධානීන්ද එලෙසම ධීවර
නායකයින් ද සහභාගී වුන මෙම විශේෂ රැස්වීමට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න, වයඹ පළාතේ ධීවර අමාත්‍ය සනත් නිශාන්ත සහ මීගමුව කලාපයේ ධීවර කටයුතු භාර ලෙස්ටර් නෝනිස් පියතුමන් ඇතුළු පිරිසක් ද සහභාගී වුහ. එහිදී ජනාධිපතිවරයා විසින් භූමිතෙල් සහනාධාරය ලෙස ලබා දී තිබු මසකට භුමිතෙල් ලීටර් 250 සීමාව වැඩි කොට එය ලීටර් 375 දක්වා ලබා දීමට එකග වී තිබේ. එලෙසම බහුදින ධිවර
යත‍්‍රාා සදහා අවශ්‍ය වන දේශිය සහ විදේශිය සියඵ මෙවලම් වලට පනවා තිබු බදු
ඉවත් කර තිබේ. එලෙසම එම බහු දින යාත‍්‍රා සදහා ලබා දී තිබූ මසකට ඞීසල්
ලීටර් 2500 යේ සහනාධාරය ඉදිරි කාලයේදී සංශෝධනය කර එම ප‍්‍රමානය වැඩි කර දෙන බවද ප‍්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම රැස්වීමට සහභාගී වූ මීගමුව ධීවර නායකයන් පෙන්වා දෙන්නේ මෙම රැස්විමේ එළඹුණ ඉහත යෝජනා සදහා තම ධිවරයින් සැහීමකට පත් නොවන බවයි. ඔවුන් එහිදී වැඩි දුරටත් පෙන්නා දෙන්නේ එලෙස සහනාධාරය ලබා දුන්නත් විශේෂයෙන් භූමිතෙල් භාවිතා කරමින් මසුන් අල්ලන ධීවරයන් ට
විශාල, අමතරව වැඩි මුදලක් මේ සහනාධාරය ලබා දීමන් පසුව වුවද වැය කිරීමට සිදු වන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article