මිගමුවේ සිදුව ඇති සහ දැනටමත් සිදුවෙමින් ඇති නිතියට පිටින් සිදුකර ඇති ඉදිකිරිම් සම්බන්ධයෙන් මිගමු මාලිමාවටත් බරපතල චෝදනාවක් එල්ලවුනේ නගරාධිපති ඇතුළු මන්ත්‍රී මණ්ඩලය මේ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු නොකරන බල කියමිනි.
මෙයට අදාලව බරපතලම සංවාදය මතුව තිබුනේ මිගමුව නගරය මැද ලාෆ්ස් සුපිරි වෙළද සැල අසල ඉදිකරමින් පවතින තෙමහල් ගොඩනැගිල්ල පිලිබදවය.
නාගරික සංවර්ධන අධිකාරියටද වෙට්ටු දමා ලග නමා අනුමැතිය ගෙන තිබුන මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු මෙවර මහ සභාවේ කාරක අවස්ථාවේදි පුළුල් ලෙස සාකච්ඡා කළ බව වාර්තාවේ.
එහි ප්‍රතිඵලයක් ලෙසින් නගරාධිපතිවරයා අදාල නිලධාරින් හට දන්වා තිබුනේ මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරිම් කටයුතු නැවැත්විමට පියවර ගන්නා ලෙසය.












