( දෙවන සංස්කරණය ) නගරාධිපති නිතිඥ රොබට් හීන්දකෙන්ද මිගමු මහනගර සභාවේ මංගල සභා රැස්විම අමතමින් කියා තිබුනේ දැන් ඇත්තේ 49 එක්වි එකාවන්ව කටයුතු කිරිම බවය.
එය සැබැවින්ම ඉතා වැදගත් ප්‍රකාශයකි.
එහෙත් අද පැවැති කාරක සභා පත්කිරිම් වලදි වැදගත්ම කාරක සභා සියල්ලකම සමාජිකත්වයන් NPPකරණය කිරිමට වැඩි බරක් යොදා මිගමුවේ හිටපු ජේෂ්ඨ සහිකයන් කොන්කර නගරාධිපති විසින් කරන්නට යෙදුන සාමුහික වැඩ සංස්කෘතියකට කළ ආරාධනය අරුතක් නැති නිකන්ම නිකන් වචන කීපයක් බවට පත් කර ඇතැයි මහ සභාව නියෝජනය කරන ජේෂ්ඨ සභිකයෙකු මිපුර කල විමසුමකදි ප්‍රකාශ කර සිටියේය.
සභාවේදි අදහස් දක්වා සිටි හිටපු ඡේෂ්ඨ සභිකයන් සියල්ලන්ම කියා සිටියේ නගරාධිපතිවරයාගේ.වැඩපිලිවෙලට සහය දක්වන බවය.
මාලිමාවේ නවක නිතිඥ සභිකයෙකුට හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුගෙන් පළාත් පාලන නීතිය ගැන අද ඉගෙන ගැනිමට සිදුවිමම දෛවයේ සරදමක් වැනිය.
නාගරික මන්ත්‍රී සකාවුල්ලාද අද වඩාත් නිවරදිව සංඛ්‍යා ලේඛන දක්වමින් NPP එකට ලැබුන ඡන්ද සහ විපක්ෂයට ලැබුන සමස්ත ඡන්දය ගැන කරන ලද විග්‍රහය ඉතා වැදගත් එකකි.
විපක්ෂයට ඡන්දය දුන් ජනතාව මුලුමනින්ම නොසලකා හරිමින් ප්‍රධාන කාරක සභා තුල විශේෂයෙන්ම නගර සභාවේ හිටපු ජේෂ්ඨ සභිකයන් යම් නියෝජනයක් හෝ නොදිමට කර තිබුන ග්‍රෝත්‍රික කුමන්ත්‍රණයේ න්‍යායචාර්වරුන් කව්දැයි ඉතා හොදින් දැන් තේරුම් ගත හැකිව තිබේයැයි හිටපු ජේෂ්ඨ සභිකවෝ අවධාරණය කර සිටිති.
අප කළ විමසුමකට පිලිතුරු දෙමින් විපක්ෂයේ සභිකයෙකු පැහැදිලි කර සිටියේ කාරක සභා ගැන හෝ පලාත් පාලන නීතිය ගැන අවබෝධයක් නැති මාලිමාවේ නවක සභිකයන් කාරක සභා මෙහෙයවද්දි එකි කාරක සභා තුල ජේෂ් ඨ විපක්ෂ මන්ත්‍රිවරයෙකු හෝ සිටියහොත් ඔහුගේ ප්‍රශ්ණ කිරිම් වලදි අදාල නවක සභාපති සභිකයන් රජයේ නිලධාරින් ඉදිරිපිදි ලැජ්ජාවට පත්විම අවම කර ගැනිමට විය යුතු බවය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද විපක්ෂය වෙනුවෙන් කතා කළ බහුතරයක් දෙනා නගරාධිපතිවරයාට සහය දෙමින් හොද දේවල් ඉදිරියට ගෙන යාමට හවුල්ව්මට සුදානම් යැයි අවධාරණය කර සිටියද NPPකරණයට වැඩිබරක් තබා සභා ඇටවිල්ල නගරාධිපති සාමුහිකත්වය ගැන වු ප්‍රාර්ථනය ආපස්සට හරවා ඇතැයි කියාය.
මේ පසුබිම තුල ද විපක්ෂයේ ජේෂ්ඨ නාගරික මන්ත්‍රීවරුන්ට ලබා දි තිබුනේ කෘෂිකර්මය පිළිබද කාරක සභාව යනු විපක්ෂයට ඡන්දය දුන් ජනයාටද කළ අවමානයක් යැයි නම සඳහන් කිරිමට අකමැති ඡන්ද දායකයෙකු මිපුර අමතා කියා තිබුණි.
මිගමුව යනු සියලු ජාතින් එක්ව ජිවත්වන දේදුණු නගරයකි. එය සැබැවින්ම ගොඩනැගිය හැක්කේ අනෙකාගේ අදහස් යෝජනා වලට නිසි නියෝජනයක් ලබාදිමට කටයුතු කිරිම හරහා මිස ග්‍රෝතික ආකාරයේ ප්‍රවේශයන් හරහා නොවන බව මිගමුවේ ආධුනික මාලිමා නාගරික මන්ත්‍රි කණ්ඩායම වැඩි කල් නොගොස්ම ඉගෙන ගන්නවා ඇත.












