නගරාධිපති ඉවත් කිරිමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි.! අද ඉල්ලා අස්විමට නියමිතයි ?

0
455

 

මිගමුව නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද අද සිය ධුරයෙන් බොහෝ දුරට ඉල්ලා අස්විමට ඉඩ ඇතැයි නගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.

මාලිමාවේ දේශපාලන නායකත්වයේ ප්‍රබල බලපැම්ද මේ ඉල්ලා අස්විමට ආසන්නතම හේතු බවට පත්ව තිබේ.

මේ වන විට නගර සභා පරිශ්‍රයේ වි⁣ශේෂ රැස්විමක් පැවැත්වෙමින් ඇති බවද අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.

මිගමුව මාලිමා දේශපාලනය බරපතල අර්බුදයක් කරා ගමන් කර තිබේ.

මාලිමාව වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වු දෙදෙනාම අද මාලිමාවේ ප්‍රසිද්ධ ක්‍රියාකාරිත්වයක නැත.

දැන් නගරාධිපතිවරයාද ඉල්ලා අස්විමේ ලිපියට තව සුලු මොහොතකින් අත්සන් තබනු ඇත.

ඉන් කියැවෙන්නේ කුමක්ද ?මාලිමා අර්බුදයේ දිග පළල නොවේද ?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here