spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපති දයාන් මීගමුවේ දුප්පත් දරුවන්ගෙන් පළිගනියි !

Must read

dayan lansa mayorමීගමුව නගරාධිපති දයාන් ලංසා විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ අයිතියක් වන අභ්‍යාස පොත් ලබාදිම මේ දක්වා සිදුනොකරමින් දුප්පත් දරුවන්ගෙන් පළිගෙන තිබේ.
වාර්ථා වන අන්දමට නගරාධිපති දයාන් ලංසාට මුට්ටි අල්ලන්නට සුදානම් නැති විපක්ෂයේ මන්ත්‍රිවරුන් 12 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට මෙවර පොත් ලබා දි නැත
මේ අනුව නගරාධිපතිවරයා ඉතා පැහැදිලි ලෙස පළිගෙන ඇත්තේ ඒ ඒ කොට්ටාශවල දුප්පත් දරුවන්ගෙනි.
මේ පොත් සදහා වැය කරනු ලබන්නේ මහජන බදු මුදල් මිස  ලංසා පවුලේ මුදල් ආදායම නොවේ. ඒ අනුව සෑම නාගරික මන්ත්‍රිවරයෙකුට තමන්ගේ ප්‍රදේශවල සිටින දරුවන් සදහා මෙසේ අභ්‍යාස පොත් ලබාදිම ඒ අයගේ අයිතියකි.
නගරාධිපතිවරයා මේ අනුව දරුවන්ගෙන් පළිගන්නා අතරම මන්ත්‍රිවරුන්ගේ අයිතියක් උල්ලංඝනය කරමින් ගෝත්‍රිකයෙකු ලෙසින් හැසිරෙන්නට පටන් ගෙන තිබේ.( එසේ හැසිරෙන අතරේ සිය මුහුණු පොතේ මෙසේද සටහන් කර තිබේ.
මහජන බදු මුදල් ප්‍රධාන වශයෙන්ම යෙදවිය යුත්තේ අප දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.ඔබගේ බදු මුදල් සදහා ලබා දිය හැකි උපරිම ආයෝජනය එයයි.
එලෙස ඔබගේ බදු මුදල් යොදවා මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් හට රුපියල් 15000/= බැගින් වූ සිසු දිරි දීමනා 225ක් ප්‍රදානය කිරීම අද නගර සභා ශාලාවේදී පැවැත්වුණි.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
06/01/2020
දයාන් ලංසා යනු කොයිතරම් නම් කපටි දේශපාලකයෙකු දැයි මේ සටහන තුලින් වඩාත් පැහැදිලි වි තිබේ. මං තමයි පොර කියාගන්නට මහජන බදු මුදල් වැය කරන අතරේ අනික් මන්ත්‍රිවරුන්ට අයත් ඒ වරප්‍රසාදය සිය කුහක ගෝත්‍රිකත්වය තුල සිරකර තබයි)

මීගමුවේ දරුවන්ට පොත් නොබෙදන නගරාධිපති දායන් ලංසා සිය සහෝදරයාගේ මැතිවරණ ප්‍රචාරණය සදහා අතදිගහැර මිගමු ජනයාගේ බදු මුදල් වැය කරමින් කල් ඇතිවම වත්තලටත් කටානත් පොත් බෙදා හැර හමාරය.
කටාන පොත් යවා තිබුනේ ගිනි නිවන අංශයේ රථයක්ද භාවිතා කරමිනි..
මේ ගෝත්‍රික කම් හමුවේ මීක් කියන්නේ නැති ලංසා පවුලේ හිතවාදි විපක්ෂ නායක රවි ජිවානන්ද ගැන අපට සැබැවින්ම ඇත්තේ පිළිකුලකි. (ලංසා පවුලට සමිප සම්බන්ධයක් ඇති එවන් අයගෙන් වෙනත් වෙනසක් කිසිසේත්ම පැතිය නොහැක)
කොන්දක් නැති ආසන සංවිධායක කාවින්ද ජයවර්ධන  මේ සියල්ලට වගකිව යුතු යැයි මිපුර ඇමතු ජේෂ්ඨ එජාප ක්‍රියාකාරිකයෙකු කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article