( 8.30 am ) 2022 වසරේ මීගමුව මහා නගර සභාව විසින් මිලදීගත් වටිනා කැමරාවක් සහ ඊට අදාළ උපාංගද එලෙසම ලැප් ටොප් පරිගණක 02 ක් සහ ඩෙස්ක් ටොප් පරිගණකයක්ද ඇතුළුව ලක්ෂ 25 ක වටිනාකමින් යුත් භාණ්ඩ මේ වනවිට නගර සභාවට අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මීගමුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වු කපිල නන්ද සුලෝචන විසිනි කියා සිටියේ මහ නගර සභාවට රුපියල් ලක්ෂ පහලවත් වැය කරමින් වටිනාකමින් යුත් කැමරාවක් අනෙකුත් උපාංග මිලදී ගැනීමට යෝජනාවක් ගෙනා අවස්ථාවේදී තමන් ඇතුළු නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කළ බවය
මහ නගර සභාවේ මාධ්‍ය ඒකකයක් පවා ස්ථාපිත කර නොමැතිව එතරම් වටිනාකමකින් යුත් කැමරාවක් මිලදී ගැනීම මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස මෙයට එරෙහි වු මන්ත්‍රිවරුන් එදා පෙන්වා දි තිබුණි.
.කෙසේ වෙතත් මහ නගර සභාව කැමරාව ඇතුළු අනෙකුත් පරිගණක ද මිලදී ගෙන තිබුණි.
නගර සභාවක් සතුව පවතින බඩුබාහිරාදිය කිසිවක් නගරාධිපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරයකුට හෝ තම පුද්ගලික අභිමතය පරිදි භාවිතා කිරීමට මහ නගර සභාවෙන් පිටතට රැගෙන යෑම නීති විරෝධී තහනම් කටයුත්තක් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි හිටපු ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරුන් කිපදෙනෙකුම ප්‍රකාශ කර සිටියේය.
මේ පිළිබඳව අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා මීගමුව පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී මීගමුවේ හිටපු නාගරික කොමසාරිස්වරිය ලිඛිතව පොලිසියට ලබා දී තිබුණ ලිපියේ සඳහන් වන්නේ කැමරාව සහ එහි අනෙකුත් ආම්පන්න ඇතුළු මෙම පරිගණක යන්ත්‍ර සිය ධුර කාලය අවසන්විමෙන් පසුව මහා නගර සභාවට යළිත් භාර දිය යුතු බවය.
රජය සතු මේ දේපල මේ වන තුරුත් හිටපු නගරාධිපති දයාන් ලංසා විසින් භාර දි නැත.
හොරුන් දුෂිතන් අල්ලන බවත් නිසි දඩුවම් දෙන බවත් කියමින් බලයට පැමිණ පුනරුද පාලනය දයාන් ලංසලාව මේ තරම් හුරතල් කරන්නේ ඇයිද යන්න පැහැදිලි ගැටළුවකි.
මේවා ගැන විමර්ශණ නොකරන්නේ පුනරුද නගරාධිපති ලංසා පවුලට බය නිසාදැයි ඡන්දය දුන් ජනතාවම අසන දිනය වැඩි ඈතක නොවන බව මීගමුවේ වත්මන් පාලකයන් ඉතා පැහැදිලි ලෙසින් තේරුම්ගත යුතුව තිබේ.













