මිගමුව මහනගර සභා පරිශ්‍රය තුල අඩි 20 ක් දිගැති කන්ටේනර් පෙට්ටියක් තිබුන බව නාගරික කොමසාරිස්තුමිය පවා දැනගෙන තිබුනේද යන්න සැබැවින්ම ගැටළුවකි.
මිට අමතරව අඩි 7ක් උස ශිතකරණයක්ද නගරසභාව තුල තිබුණද එහි අයිතිකරුවා කව්ද යන්නද ගැටලුවක්ව පැවතුණි.
නගර සභා ඉන්වෙන්ට්‍රියේ පවා නැති මේ බඩු ගැන වහාම ක්‍රියාත්මක වි නිසි පියවර ගැනිමක් නගර සභා බලධාරින් අතින් සිදුවුනේද යන්න තවත් බරපතලම ගැටළුවකි.
කෙසේ වෙතත් දැනට නගර සභාව තුල පවතින කසුකුසුව වි ඇත්තේ මේ බඩු දායන් ලංසාට අයත් ඒවා බවත් මේ වන විට කන්ටේනර් පෙට්ටියේ තිබුන බඩු කෙසේ හෝ රහසිගතව ඉවත් කර ගෙන ඇති බවත්ය.
මේ සියල්ල සැබැවින්ම බරපතල කාරණාය.ඒ අනුව දායන් ලංසලාට තවමත් නගර සභාව මෙන්ම නගර සභා පරිශ්‍රයද පවුලේ පුද්ගලික දේපලක් සේ පරිහරණය කිරිමට ඉඩක් සැලසි තිබුනේ කෙසේද ?
හොරු අල්ලන්නට සපථ කළ ප්‍රබල රජයක් යටතේ හොරු විසින් නගර සභාව අල්ලාගැනිමට තරම් බලවත් වුයේ කෙසේද?
හිටපු නගාරික කොමසාරිස්වරිය මේ තනතුරේ තවදුරටත් සිටියේ නම් දයාන් ලංසලාට මේ සෙල්ලම් කිරිමට කිසිදු ඉඩක් නැතැයි යන කරුණද මේ වන විට නගර සභා සේවකයන් අතර කථාබහට ලක්ව ඇති ප්‍රධාන කරුණක්ව පවති.