.දැනට කාලයක පටන් මහා නගර සභාවේ පිටුපස පරිශ්‍රයේ තිබෙන අඩි 20 ක කන්ටේනරයක් පිළිබඳව පසුගිය දිනවල මීගමුව තුළ කතාබහක් ඇතිවී තිබිණි මෙය නගර සභාවට අයත් එකක් ද ? නැතිනම් නගර සභාවට පරිබාහිර අයෙකුගේ කන්ටේනරයක් ද යන්න කිසිවෙකු නොදන්නා බවද වාර්තා වුනු අතර පසුගිය 28 ( 28/04/2025 ) වැනි දින රාත්‍රී ඉතාමත් රහසිගතව මේ කන්ටේනරයේ තිබු බඩු ඉවත් කරගෙන යාමටද කව්රුන් හෝ කටයුතු කර ඇතැයිද දැනගන්නට ලැබුණි
මේ කන්ටේනරයේ තිබුණේ මොනවද යන්න පිළිබඳවද නගර සභාවේ කිසිවකු නොදන සිටීම පුදුම සහගතය.
එලෙසම වාර්තා වූයේ දැන් කලක පටන් මීගමු මහ නගර සභාවේ හිමිකාරත්වයක් නොමැති අඩි 07 ක ශීතකරණයක් ද නගර සභාව තුළ ඇති බවය. මෙහි විශේෂත්වය වන්නේ මෙම අඩි 20 කන්ටේනරය සහ මෙම ශීතකරණය සඳහ නිසි අයිතිකරුවෙකු පිළිබදව පැහැදිලි තත්වයක් නොමැතිවිමය.
මෙලෙස නගර සභාවට අයිති නොවන දේ නගර සභාව තුළ හෝ එම පරිශ්‍රය තුළ තබා ගැනීම නීති විරෝධී කටයුත්තකි. එමෙන්ම එම කන්ටේනරයේ තිබූ බඩුබාහිරාදිය හොර රහසේ රැගෙන යාම බැලූ බැල්මටම, මුළුමනින්ම සොරකමකි.
කෙසේ වෙතත් සභාවේ සේවයකරන බොහෝ නිලධාරීන් සහ සමහර සේවක සේවිකාවන් පවා ප්‍රකාශ කරන්නේ, මේ කන්ටේනරයත්, මෙම ශීතකරණයත් හිටපු නගරාධිපති දයාන් ලාන්සාගේ බවය.
මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුව ඇති අතර ඒ සඳහා මීගමුව නාගරික කොමසාරිස්වරිය මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුව ඇත. එහෙත් නගර සභාවේ මෙවැනි නීතිරෝධී කටයුතු සිදුවෙද්දී නාගරික කොමසාරිස්වරියද ඇස් කන් පියාගෙන සිටීම පුදුම සහගතය. .
තම පාලනය යටතේ පවතින නගර සභාව තුළ සභාවට අයත් නොවන බඩු බහිර ආදිය රඳවා තබා ගැනීමත්, එවැනි බඩුබාහිරාදිය හොර රහසේ නගර සභාවේ නීත්‍යානුකූල අවසරයක් නොමැතිව පිටතට රැගෙන යාමත් නීති විරෝධී වේ. එහෙත් මීගමු නගර සභාව තුළ තවමත් සිදුවන්නේ පෙර කාලවල පැවැති ආකාරයේ නීති විරෝධී කටයුතුම වේ.
ජාතික ජන බලවේග රජය යටතේ මීගමු නගර සභාවේ ,නව කොමසාරිස් පාලනය තුළ සිදුවන මෙම නීති විරෝධී කටයුතු පිළිබඳව විමසීමට මීගමු මහ නගර සභාවේ නාගරික කොමසාරිස්පරියට ,පසුගිය දිනවල කිහිප වරක්ම උත්සාහ ගත්තද. මීගමුව නාගරික කොමසාරිස්වරිය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. අප මීගමු මහ නගර සභාවටගවේ ස්ථාවර දුරකථනයට වතා කිහිපයක්ම කතා කළත් කිසි සෑම වතාවකම නගර සභා නිලධාරිනියක ප්‍රකාශ කළේ කොමසාරිස්වරිය තම ආසනය තුළ නොමැති බවයි.
ඉන් පසුව වතාවකදී කතා කළ නගර සභා නිලධාරිනියක පැවසුවේ, මේ අවස්ථාවේදී කොමසාරිස්වරිය රැස්වීමක සිටිනා බවය. එමෙන්ම අද පෙරවරුවේ සහ සවස් කාලයේ වතා කිහිපයක්ම කොමසාරිස්තුමියගේ ජංගම දුරකථනයට ද අප ඇමතුම් ලබාගත්තද , එම වතා කිහිපයේදීම කොමසාරිස්වරිය සම්බන්ධ කරගැනීමට නොහැකි විය.