නගර සභා අවුරුදු උත්සවය නිසා මහජන සේවා අඩාලයි?

0
111

අද නගර සභාවේ අවුරුදු උත්සවයයි
අද කිසිදු මහජන සේවාවක් නගර සභාවෙන් සිදු නොවෙි.
හදිසියේ ඇති වූ තත්ත්වයක් මත ගලි බවුසරයක් ලබා ගැනීමට ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුටද ආපසු හැරී යාමට සිදුවුණේ මේ අවුරුදු උත්සවය නිසාවෙනි.IMG 20250502 WA0040

සෙනසුරාදා , ඉරිදා හෝ වෙනත් රජයේ නිවාඩු දිනයක මෙය පැවැත්වූයේ නම් මහජන සේවාවන් සිදුකර ගැනීමට මහජනතාවට අවස්ථාව තිබිණි.

සතියේ වැඩකරන දිනයක මෙවැනි අවුරුදු උත්සවයක් පවත්වන්නේ නම් මහජන සේවාවන් සිදුකර ගැනීම සඳහා නිලධාරීන්, කීහිපදෙනෙකු හෝ යෙදවීමට නගර සභා පරිපාලනය කටයුතු කර නොමැත.

රාජ්‍ය ආයතන වල අවුරුදු උත්සව පැවැත්වූවාට කිසිදු මහජන විරෝධතාවයක් හෝ අකමැත්තක් නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ රජයේ වැඩකරන දවස් යනු මහජනතාවට සේවය සලසා ගන්නට ඇති දිනයන්ය. එවැනි දිනයක මෙවැනි අවුරුදු උත්සවයක් පැවැත්වීම සහ ඒ සඳහා නගර සභාවේ සියලුම සේවක සේවිකාවන් ඇතුළු සියලු නිලධාරීන් ,නිලධාරිනියන් සහභාගි වීම මීගමුව නගරයේ සහ මීගමුව ප්‍රදේශයේ මහජනතාව දැඩි අපහසුතාවයකට පත්වන කරුණක් වේ.

ඊයේ මැයි දිනය නිසා කිසිදු මහජන සේවාවකට ඉඩක් තිබුනේ නැත.සති අන්තයෙන් පසුව යෙදෙන්නේ මැතිවරණ සමයයි.නිලධාරීන් මැතිවරණ සේවාවන් සඳහා නියැලිමට නියමිතය.

ඒ අනුව බලන කළ දින ගණනාවක් පුරාවට මහජනයාට නගර සභාවේ සේවය ලබාගැනිමට නොහැකි තත්වයක් නිර්මාණය වි තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here